යුද හමුදා විශේෂ බලකා පාඨමාලා අංක 51 හි විසිර යාමේ පෙලපාලිය අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
මෙහිදී පාඨමාලා හැදෑරූ නිලධාරීන් හත් දෙනෙක් සහ සෙසු නිලයින් දෙසිය තිස් පස් දෙනෙකු විසර ගියහ.
පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙස ලුතිතන් දිනූශක විසින් ශුරතාවය දිනාගන්නා අතර දක්ෂතම වෙඩි තබන්නා සහ දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවා ලෙස ලාන්ස් කෝප්රල් ලක්ෂාන් විසින් දිනා ගන්නා ලදි.