යුපුන් ට සිව්වැනි තැන

178

ඉතාලියේ දී පැවති “රෝම කෙටි දුර ජවන මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට සිව් වැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. තියුණු තරගයකට අවතීර්ණ වෙමින් තත්. 10.21 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට යුපුන් අබේකෝන් එහිදී සමත් විය.

වත්මන් ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම් ලාභී ලැමෝන්ට් මාර්ෂල් ජේකෝබ් මෙම තරගයේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගත්තේය.

ඒ සඳහා ජේකෝබ් ගත කළ කාලය තත්.10.07 කි.

මීටර් 60 ලෝක ශූරයා ද වන ජේකෝබ් පසු ගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100ං4 සහාය දිවීම ඉසව්වේ රන් පදක්කම්ලාභී ඉතාලි කණ්ඩායමේ සාමාජිකයෙකි.

ඔහුගේ මීටර් 100 ඉසව්වේ හොඳම තරග නිමි කාලය තත්. 9.80 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment