යුරෝපයට යවන බව කියා මුදල් අරන් – ශ්‍රී ලාංකිකයන් 4ක් ප්‍රාණ ඇපයට ගත් පාකිස්තානුවෝ 4ක් නේපාලයේදී මාට්ටු

696

රැකියා සඳහා යුරෝපීය රටවලට යවන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයන් හතර දෙනකු නේපාලයේදී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය නිවේදනය කර ඇත.

නේපාල පොලිසියේ කත්මන්ඩු නගරයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත පසුගිය බ්‍රහස්පතින්දා මෙම පාකිස්තාන ජාතිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව නේපාල පොලිස් අධිකාරී නකුල් පොකාරෙල් ප්‍රකාශ කර තිබේ.

වයස අවුරුදු 42 ත් 62 ත් අතර පාකිස්තාන ජාතිකයන් සිව්දෙනා කැනඩාව, රුමේනියාව ඇතුළු යුරෝපීය රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනාගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම ශ්‍රී ලාංකිකයන්ට පාකිස්තානු ජාතිකයන් විසින් පහර දී, වධහිංසා පමුණුවා මරණ තර්ජන ද සිදු කර ඇති බව හෙළිව තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බව නේපාල පොලිසිය පවසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment