යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවන මහ සඟ සමුළුව

50

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවන මහ සඟ සමුළුව ජුනි මස 29 හා 30 යන දෙදින ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්විණි. භික්ෂු සංගමයේ සාමාජික රටවල් වන ඔස්ටි්‍රයාව, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්ක, ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන යුරෝපාකරයේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා මෙන්ම ඇමරිකාව, කැනඩාව, එංගලන්තය හා දකුණු කොරියාව ආදි රටවලින් ආරාධිතව වැඩම කරවූ භික්ෂූන් වහන්සේලා ද ඇතුළව 60 නමක් පමණ භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම සඟ සමුළුව සඳහා සහභාගි වූහ. ඉතාලියේ සත්කාරකත්වයෙන් පැවැති මෙම සමුළුවේ මූලික තේමාව වූයේ ‘ලෝක සාමය සතුට සහ සහජීවනය පිළිබඳව එකමුතුය’ යන්නයි.

advertistmentadvertistment
advertistmentadvertistment