යුරෝපය කොරෝනා රතු කලාපයක් වීම ආසන්නයේ

339

ජර්මනිය, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වසංගත රැුල්ල හේතුවෙන් සමස්ත යුරෝපයම කොරෝනා දරුණු ලෙස පැතිරෙන රතු කලාපයක් බවට පත් වෙමින් තිබෙන බව යුරෝපා සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. දැනට යුරෝපයේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ජර්මනියෙන් වාර්තා වෙමින් පවතින අතර පෙරේදා (17දා* දිනයේ එරටින් වාර්තා වී තිබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52,826ක් විය.
 
 මේ වන විට ජර්මනිය පුරා රෝහල්වල පිහිටි දැඩි සත්කාර ඒකක ඇඳන් අසාධ්‍ය කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් උද්ගතව තිබෙන අතර මෙම තත්ත්වය සුළුවෙන් නොතැකිය යුතු බව නොබෝ දිනකින් ජර්මනියේ චාන්සලර් ධුරයෙන් ඉවත් වීමට යන ඇන්ජෙලා මර්කල් පවසා තිබේ. අලූතින් පත්ව ඇති ජර්මන් රජය නොබෝ දිනකින් සිය කොරෝනා මර්දන සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර ජනගහනයෙන් සියයට 68ක ප‍්‍රතිශතයන් පූර්ණ වශයෙන් කොරෝනා එන්නත්කරණයට ලක් කර සිටින ජර්මනිය මෙන්ම ඔස්ටේ‍්‍රලියාවද මත්පැන් හල්, කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථාන, හෝටල් සඳහා කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙකම ලබා නොගත් පුද්ගලයන්ට ඇතුළු වීම තහනම් කර තිබේ. මේ වන විට යුරෝපා රටවල් වන ස්වීඩනය, නෙදර්ලන්තය, ස්ලෝවේකියාව, චෙක් ජනරජය, බෙල්ජියම යන රටවලද වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment