යුරෝපා සංගමය ත‍්‍රස්ත මර්දන පනතට ඔරවයි

202

ත‍්‍රස්ත මර්දන පනත භාවිතාකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. යුරෝපා සංගමය සහ ශ‍්‍රී ලංකාව අතර පැවති සාකච්ඡුාවේදී මෙම ඉල්ලීම කර තිබේ.

එසේම චෝදනා නැති සැකකරුවන් නිදහස් කරන ලෙස ද යුරෝපා සංගමය තවදුරටත් ඉල්ලා තිබේ. ශ‍්‍රී ලංකා රජය පසුගියදා ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කළ අතර එම සංශෝධන ද යුරෝපා සංගමය පිළිගෙන නැත. මීට අමතරව අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම අහෝසි කරන ලෙස ද යුරෝපා සංගමය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ශ‍්‍රී ලංකාවට වඩා බරපතළ ලෙස ස්විස් රජය පොලිස් බලතල වැඩි කරමින් ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කර ඇතත් යුරෝපා සංගමය එම පනතේ බරපතළ වගන්ති අහෝසි කරන ලෙසට උපදෙස් දී නැත. මේ හැර නවසීලන්ත රජය ද මෑතකදී වඩා පුළුල් බලතල සහිත ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කර තිබුණි.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත මර්දන පනතට යුරෝපා සංගමය එරෙහි වී ඇත්තේ මෙරට හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිර්දේශ හේතුවෙනි. යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම් නිසා ශ‍්‍රී ලංකා රජය ද බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ පා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment