ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය කිරීමට සහ සමාගමේ විවිධ අංග, හවුල්කාර බැංකු සහ තුන් වන පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් පුළුල් වාරික ගෙවීම් විකල්ප සමගින් මූල්‍යමය වශයෙන් ආරක්ෂා වීම සඳහා අසමසම නම්‍යශීලී සේවාවක් පිරිනමයි.
Clicklife ජංගම ඇප් එක (Unionassurance.com/click-life-app) හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන් වාරික ගෙවීම් කළ හැකි අතර, සුහුරු මෙවලම් (smart devices) භාවිතයෙන් ඔවුන්ගේ ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. Clicklife App යනු පාරිභෝගිකයින් අන්තර්ක්‍රියා කරන ආකාරය සහ ඔවුන්ගේ ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය කරන ආකාරයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් රක්ෂණ ක්ෂේත්රය තුළ හඳුන්වා දුන් එවැනි ආකාරයේ ප්‍රථම යෙදුම වේ. මීට අමතරව, වාරික ගෙවීම් යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී, සමාගම් ශාඛාවලදී හෝ portal.unionassurance.com පාරිභෝගික ඔන්ලයින් ද්වාරය හරහා සහ සෘජු වාරික ගෙවීමේ ලින්ක් එක වන pay.unionassurance.com හරහා ද සිදු කළ හැක.