යූනියන් බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කළ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
යූනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 8 දෙනෙකුට සම්මාන සහ සමරු තිළිණ පිරිනමන ලදි.
යූනියන් බැංකුව තුළ වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිල්මිණි වීරසේකර (ආයතනික බැංකුකරණ අංශය), ඕෂධී ගුණසේකර (අභ්‍යන්තර විගණන අංශය) සහ ශන්මුගේස්වරන් ජෙස්ධරාජන් (කොටහේන ශාඛාව) සහ වසර 20 ක සේවා කාලයක් සම්පූර්ණ කළ මිනෝලි ප්‍රනාන්දු (මූල්‍ය අංශය), චරිතා ද සිල්වා (නීති අංශය), ධනුෂ්ක සේතුහේවා (අවදානම් කළමනාකරණ අංශය), වින්ද්‍යා ගුණසේකර (මොරටුව ශාඛාව) සහ රමිදුනි සාරංගිකා (අත්තිඩිය ශාඛාව) යන මහත්ම මහත්මීන් මෙහිදී ඇගයීමට ලක්වූහ.
“දීර්ඝ කාලයක් සේවය කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම යූනියන් බැංකුවේ සේවක සම්බන්ධතා වැඩසටහන් මාලාවේ එක් අංගයකි. මෙහිදී ඔවුන්ගේ දීර්ඝකාලීන සේවය සහ කැපවීම අගය කරන අතරම, වඩාත් යහපත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කරමින්, කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීමට අප උත්සාහ කරනවා.” යූනියන් බැංකුවේ උප සභාපතිනි – මානව සම්පත්, ලිලන්ති දෙල්ගොඩ මහත්මිය පැවසුවාය.