යූ ටියුබ් දාන්න දුවගේ නිරුවත විකුණන්න ගිය සැමියාට බිරිඳ කඩුවෙන් කොටා මරලා

1076

14 හැවිරිදි තම දියණියගේ නිරුවත් ඡායාරූප ගැනීමට තැත් කළ නරුම පියෙකුට මව මිරිස් කුඩු ගසා කඩුවෙන් බෙල්ලට කොටා ගෙතුළ ම ඝාතනය කර ඇත.

වැල්ලව පොලිස් වසමේ තල්විට බලගහගම දී පෙරේදා (03දා) රාත්‍රී මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ රජයේ රෝහලක උපස්ථායකයකු බව කියන 38 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මෑතක සිට යූ ටියුබ් චැනලයක් පටන් ගෙන ඇති අතර එහි දැමීමට තම 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ගැනීමට තැත් කර තිබේ. මෙම ක්‍රියාවට එරෙහි වූ ඔහුගේ බිරිඳ සැමියාගේ මුහුණට මිරිස් කුඩු ගසා කඩුවකින් කකුලට පහර දී ඇති අතර බිම වැටුණු පසු ඔහුගේ ගෙලට ද කඩු පහර එල්ල කර නිවස තුළ ම මරා දමා ඇත.

වැල්ලව නගරයේ ඇඟලුම් සේවිකාවක වන 35 හැවිරිදි සැකකාරිය වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.අජිත් කුමාර මහතාගේ මූලිකත්වයෙන් අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
නෝමන් පළිහවඩන සහ අර්වින් රෝයි – වැල්ලව

advertistmentadvertistment
advertistmentadvertistment