යේ දැයෙන් සමුගත් හෙළ නර්තනයේ කේසර විකුම් පෑ කුලසිරි බුදවත්ත එදා ‘දිවයින’ සමග කළ පිළිසඳර

454

හෙළ නර්තන කලාවේ පුනරුදය තකා තම ජීවිතයම කැප කළ කෘතහස්ත නර්තන ශිල්පියකු හා ආචාර්යවරයකු වූ කුලසිරි බුදවත්තයන් ගල්කිස්ස කලා පුරයේ පිහිටි නිවසේදී ඊයේ (23 දා) දැයෙන් සමුගත්තේය. මෙරට පාරම්පරික නර්තන කලාව රැුක
 
 ගැනීමට ඉමහත් මෙහෙවරක් කළ බුදවත්තයන් නර්තන ශිල්පීන් ශිල්පිනියන්  රැසක් රටට දායාද කළේය. බුදවත්තයන් කලකට පෙර ‘දිවයින’ සමග කළ සංවාද සටහන අපි මෙලෙස පළ කරනුයේ එතුමන්ට අපගේ ගෞරවය පුද කරමිනි.

 

dayansamugath2

අද අප කතාබහ කරන්නේ මේ රටේ නර්තන ශිල්පීන් අතර සිටින ප‍්‍රවීණ නැටුම් ශිල්පියකු සමග බව මම කියමි. ඔබ ඔහු කවුරුන් දැයි විමසා සිටිනු ඇත. ඔහු කුලසිරි බුදවත්ත බව මම පෙරළා ඔබට කියමි. නම කී සැණින් ඔබ ඔහු හඳුනන බවත් ඔහු ගැන කීමට මට අටුවා ටීකා වැය කළ යුතු නැති බවත් මම හොඳාකාරවම දනිමි.
 
 ප‍්‍රවීණ නර්තන ශිල්පියෙකු, නර්තන නිර්මාණ ශිල්පියෙකු, දක්ෂ නැටුම් ගුරුවරයකු ලෙස ඔබ අතර ප‍්‍රකට කුලසිරි බුදවත්ත නම් ශිල්පියා තම දිවියේ 70 වසර සැමරීමට ආසන්නව සිටින මේ මොහොතේ මා ඔහු සොයා ගියෙමි. ඒ ඔහු ගැන ඔබ දන්නා දේ කීමට නොව…. නොදන්නා දේ කීමටයි. එහිදී ඔහු ඔහු ගැනම විස්තර කළේ මෙසේය.

මම උපන්නේ අරණායක ප‍්‍රදේශයේ ගැවිලිපිටිය කියන ගමේ. මගේ පියාව හැඳින්නුවේ බුදවත්ත ගුරුන්නාන්සේ ලෙසයි. අපේ වත්තට කිව්වේ බුදුන්ගේ වත්ත කියලා. ඒ අනුව අපි පරම්පරාවෙන්ම බුදවත්තලා වුණා. උඩරට නර්තන සම්ප‍්‍රදායේ එන කොහොඹා කංකාරිය පිළිබඳව ලංකාවේ හිටපු ප‍්‍රවීණයෝ තමයි අපේ පියාගේ පරම්පරාවේ උදවිය. ඉතින් ඔන්න ඔය උරුමය මට මුල ඉඳලම ලැබුණා.
 
 අනිත් එක තමයි ලංකාවේ මුලින්ම පත්වුණ නැටුම් ගුරුවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් තමයි මගේ පියා. ඔහු ඒ දිනවල පාසල් 14 ක ඉගැන්නුවා. පඩියක් කියලා ලැබවේ රු. 20 යි. ඔය කාලේ තමයි පියා බුදවත්ත රාජගිරි කලායතනය පටන්ගත්තේ. ඔය 1957 විතර. එතකොට මට වයස අවුරුදු 7 යි. එදා ඉඳලා තමයි මම නැටුම් කරන්න පටන් ගත්තේ.
 
 සිය පියාගේ සොහොයුරෙකු වන සිරිදරු ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම ද හදාළ බුදවත්ත ක‍්‍රමයෙන්්්්් දක්ෂ නැටුම් ශිල්පියෙකු බවට පත්විය. උතුරා යන පිරිපුන් තාරුණ්‍යයත් මන මෝහිනීය නර්තන විලාශයත් ඔහුගේ දක්ෂතා තව තවත් ඔපවත් කළේය. රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස වැඩිදුර ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය හැදෑරීමට ඔහු ගියේ ඒ අතරතුරදීය. ඒ 1970 දීය. එස්. පනීභාරත ශූරීන් ඇතුළු ගුරුවරුන් රැුසකගේ මඟපෙන්වීම යටතේ උඩරට නැටුම් ශිල්පයත් ඊට අමතරව පහතරට නර්තන විලාශයත් හදාළ බුදවත්ත ඉන් එළියට ආවේ ප‍්‍රකට නැටුම් ශිල්පියකු ලෙසයි.
 
 ‘‘හේවුඞ් එකෙන් අයින් වෙච්ච හැටියේ මට ඩබ්ලිව්. බී. මකුලොලූව, චිත‍්‍රසේන වජිරා, හේෂා පලිහක්කාර වගේ ප‍්‍රවීණ නර්තන ශිල්පීන්ගේ කණ්ඩායම්වල නැටුම් ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ මට 1974 දී අවස්ථාව ලැබුණා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ශිල්පියෙක් ලෙස නටන්න. එහිදී නැටුම් කණ්ඩායමක් ලෙස රටවල් 40 ක පමණ සංචාරය කිරීමේ දුර්ලභ අවස්ථාව අපට ලැබුණා. ඒ එවකට ලංකාවේ හිටපු අගමැතිනියවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමග රුසියාව, පකිස්තානය වගේ රටවල් 40 කට ගියා. මේක මගේ ජීවිතයේ එක්තරා සංධිස්ථානයක්.’’
 
 ඔහු බුදවත්ත රංගායතනය පිහිටුවාගත්තේ ඉන් අනතුරුවය. පියාගෙන් පාරම්පරිකව ලද නර්තන උරුමයත් හේව්ඩු ආයතනයෙන් ලද ශාස්ත‍්‍රාල අධ්‍යාපනයත් නැටුම් කණ්ඩායම් ගණනාවක කටයුතු කරමින් ලද අභ්‍යාසයත් තුළින් ලබාගත් සියල්ල මතු පරපුර වෙත උරුමකරදීම එහිදී සිය අරමුණ වූ බව ඔහු කියයි. මම මෙසේ ඇසුවෙමි. ඔබ නැටුම්
 
 ඉගැන්වීමේදී අනුගමනය කරන්නේ මොනවගේ පිළිවෙතක්ද? කොටින්ම ඔබ උගන්වන්නේ නැටුම්ද? එහෙමත් නැත්නම් සම්ප‍්‍රදායද?
 
 ඇත්තටම අපි ජීවත්වෙන්නේ අද දියුණු සමාජයක. කොහොඹා කංකාරිය වගේ අපේ සාම්ප‍්‍රදායික නැටුම් එදා කළේ මිනිසුන්ට සෙතක් ශාන්තියක් කරන්න. එහෙම නැත්නම් මිනිසුන්ගේ අසනීප සුව කරන්න. නමුත් අද අසනීප සුව කරන්න නම් ඊට වඩා දියුණු ක‍්‍රම තියනවා. ඒ නිසා අපි අද එම ශාන්ති කර්මවලින් ගන්නේ කලාත්මක අගය පමණයි. අන්න එතැන ඉඳන් තමයි අපි ඉගැන්වීම් කරන්නේ. අපි මුලින්ම
 
 පටන්ගන්නේ සම්ප‍්‍රදායෙන්. නමුත් ඒ තුළ හිරවෙන්නේ නැහැ. සම්ප‍්‍රදාය මත ඉඳගෙන තමයි නිර්මාණ කරන්න ශක්තිය අප ලබාගන්නේ.’’
 
 හොඳයි ඔබලා කියන කරන නව නිර්මාණ තුළ සම්ප‍්‍රදාය විනාශ වෙනවාය කියල කවුරු හරි චෝදනා කළොත්….
 
 එහෙම නැහැ. අපි උදාහරණයකට ගජගා වන්නම ගමු. එකේ ගීතයෙන් කියවෙනවා ඇතෙක් හා ඔහුගේ ගමන් විලාශය ගැන. නමුත් අපි නැටුවේ ඇතාගේ
 
 ගමන් විලාසය නොවෙයි. ඒ අපි නැටුවේ උඩරට සාම්ප‍්‍රදායේ එන මාත‍්‍රා කිහිපයකට අනුව අඩව් ටිකක් කස්තිරම් එකතු කරල හදපු වන්නමක් තමයි නැටුවේ. අද අපි ඇතා පිළිබඳ කියපු වන්නම නටනවා ඇතාගේ ගමන් විලාශය ගති සොභාව වගේ දේවල් එකතු කරලා. මේක නව නිර්මාණයක් තමයි. නමුත් ඉන් සාම්ප‍්‍රදාය විනාශ වෙන්නේ නැහැ.’’
 
 අද රූපවාහිනිය තුළ සංදර්ශන තුළ ඔබ සහ ඔබ වැන්නවුන් කළ නිර්මාණ කොතෙකුත් දක්නට ලැබෙනවා.
 
 මෙම නර්තනවල නර්තන විලාශයන් සහ ඇඳුම් පැළඳුම් ශිල්පි ශිල්පිනියන්ගේ ඇඟපත උලූප්පා දැක්වීමට ප‍්‍රධාන තැනක් දී තිබෙන බව කියනවා නේද?
 
 අපේ රසිකයෝ, පේ‍්‍රක්ෂකයෝ අද ඉන්නේ හින්දි ගීත සහ නැටුම් රැුල්ලකට වහ වැටිලා. ඒ අය හින්දි ගීතයට, නැටුමට වගේම මූලිකවම බටහිර නර්තනය පසුපසයි යන්නේ. අපට වෙලා තියනවා මෙන්න මේ රැුල්ල සමග කරට කර සටන් කරමින් අපේ නිර්මාණ කරන්න. එහිදී අපට අලූත් උපක‍්‍රම භාවිතා කරමින් යමක් කරන්න වෙනවා. නමුත් අපි ඒ මඟ යෑමේදී ඔය චෝදනාව එනවා. ඒත් මම නම් හිතන්නේ නැහැ ඒ නැටුම් තුළ ඔය කියන විදිහේ යමක් තියනවා කියලා. අනිත් අතට අපේ නැටුම හරි සුඛ නම්‍යයි. ඕනෑම නැටුම් සාම්ප‍්‍රදායක් සමග බද්ද කරලා නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපට ඉතාමත් පහසුවෙන් නව නිර්මාණයක් කරන්න අපේ සම්ප‍්‍රදාය යොදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් මම එකක් කියනවා. අපි අපේ ඇඳුම් කට්ටල සකස් කිරීමේදී විශේෂ අවධානයක් යොමුකරනවා එකී ශිල්පී ශිල්පිනියන්ගේ හිරි ඔතප් නොසිඳෙන ආකාරයට ඒවා සකස් කරන්න. බුදවත්ත හා කතා කිරීමේදී ශාස්තී‍්‍රය කරුණු ගැන විමසීමට මා අදහස් නොකළේ ඉන් යා හැකි දුර අනන්ත බැවිනි. ඒ බවත් ඔබ දනී.
 
 බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment