යොවුන් දැල්පන්දු ක්‍රීඩිකාවෝ සත්කාරකයන් පරදවති

200

වයස අවුරුදු 21 න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (11 වැනිදා) සමත් වූහ.

සත්කාරක දකුණු කොරියා කණ්ඩායම සමග පැවති එම තරගයේදී ශ්‍රී ලංකාව 94 – 8 ක් ලෙස එම ජය ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 6 වැනිදා එම තරගාවලිය සඳහා පිටත්ව ගිය අතර ඔවුන් සහභාගි වන අනෙක් තරගය අද (12 වැනිදා) බෲනායි කණ්ඩායම සමග පැවැත්වේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 11 ක් සහභාගි වන අතර ලබන 17 වැනිදා නිමා වීමට නියමිත එම තරගාවලිය 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය ලෙස ක්‍රියාත්මක වේ.


advertistmentadvertistment