යොවුන් මලල ක‍්‍රීඩා කණ්ඩායම තේරීමේ පරීක්‍ෂණ නොවැ. 13-14

221

ශ‍්‍රී ලංකා යොවුන් මලල ක‍්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණය නොවැම්බර් මස 13 සහ 14 යන දෙදින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් සිදු කෙරෙන අතර එය ඔක්තෝබර් 29 දින අවසන් කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

යොවුන් මලල ක‍්‍රීඩා කණ්ඩායම තේරීමේ පරීක්‍ෂණ නොවැ. 13-14

බාලක තරග ඉසව් 12 ක සහ බාලිකා තරග ඉසව් 12 ක සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව මෙම පරීක්ෂණය ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පරිසාධන මට්ටම් ඉදිරිපත් කර තිබේ.

2019.08.01 දින සිට මේ දක්වා කාලය තුළ අදාළ දක්ෂතාව ප‍්‍රදර්ශනය කිරීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත්ව සිටිය යුතුය.

අදාළ තරගාවලිය සඳහා සහභාගී කරවන ශ‍්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් මෙම ආරම්භක පරීක්ෂණය ක‍්‍රියාත්මක කෙරේ.

මෙවර යොවුන් ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය එළඹෙන මාර්තු මස 01, 02, 03 සහ 04 යන දිනයන්හි ක්වේට් දේශයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාව ද සහභාගීත්වය සනාථ කර තිබේ.

මීටර් 100 (බාලක සහ බාලිකා) මීටර් 200 (බාලක සහ බාලිකා) මීටර් 400 (බාලක සහ බාලිකා) මීටර් 800 (බාලක සහ බාලිකා) මීටර් 3000 (බාලක සහ බාලිකා) මීටර් 110 කඩුලූ (බාලක) මීටර් 100 කඩුළු (බාලිකා) මීටර් 400 කඩුලූ (බාලක සහ බාලිකා) මීටර් 2000 බාලක සහ බාලිකා උස පැනීම (බාලක සහ බාලිකා) දුර පැනීම (බාලක සහ බාලිකා) තුන්පිම්ම (බාලක සහ බාලිකා) හෙල්ල විසි කිරීම (බාලක සහ බාලිකා) යන ඉසව් ආශ‍්‍රිතව මෙම පරීක්ෂණය පැවැත්වේ.

2005 සහ 2006 වර්ෂවල උපත ලබා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් වයස අවුරුදු 18 න් පහළ වයස් සීමාවට අයත් වේ. සියලූම අයදුම්පත් ලේකම්, ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුවේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment