තාත්තා මං ගැන ආඩම්බර වෙනවා
යොහානිද සිල්වා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. මොකද ඇය මේ දිනවල තාරුණ්‍යය අතර හරි ජනප‍්‍රිය චරිතයක්. වෙළෙඳ දැන්වීම් හරහාද ඇයව අපිට මේ දිනවල නිතර දකින්න ලැබෙනවා. ඇය පසුගිය දවස්වල නිර්මාණය කරපු කවර් සෝන්ග් එකක් හින්දා තවත් කතාබහ වෙනවා. මැණිකේ මගේ හිතේ කියන ගීතයට කරපු කවර් ගීතය ගැන පසුගිය සතියේ ඇයට ඉන්දියාවේ ප‍්‍රකට නළු අම්තාබ් භච්චන් පවා සිය ට්වීට් ගිණුමේ සටහනක් යොමුකරලා තිබුණා.
ඇගේ ගායන හැකියාව ගැන ප‍්‍රශංසා කරලත් මෙහි සටහනක් යොදලා තිබුණා. ඉතිං එ් නිසාම අපි යොහානිට කතා කළා මේ සතුට ඇයට දැනුනේ කොහොමද කියලා දැනගන්න.
* මැණිකේ මගේ හිතේ ගීතය හැදුණේ කොහොමද?
මේ ගීතය අහපු සැනින්ම මම කැමැති වුණු ගීතයක්. චමත් සංගීත්ගේ තනු කොහොමත් හිතට දැනෙන ඒවා. ඔහු මම සංගීත ගමන පටන් ගත් මුල් කාලයේ ඉඳන් උදව් කරල තියෙන කෙනෙක් සහ හොඳ මිත‍්‍රයෙක්. මම දවසක් මෙම ගීතයේ කොටසක් TikTok එකේ ගායනා කළා. චමත් ඒක දැකල මට කිව්වා ස්ටුඩියෝ එකට ඇවිත් මේකේ Official Cover එක කරමු කියලා. ඉතින් මම ගියහම එතැනට සතීශානුත් වීඩියෝ කිරීමට පිරිසකුත් ඇවිත් හිටියා. චමත් කිව්වා වැඩිය හිතන්න දෙයක් නෑ, සින්දුව කියන්න ඒ ගමන් අපි වීඩියෝ කරන්නම් කියල. ඔන්න ඔහොම අහම්බෙන් තමයි අපි මේ නිර්මාණය කළේ.
* මේ වෙනකොට ගීතයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවානේද?
ඔව්, ඇත්තටම මේ ගීතයට නොහිතපු ආකාරයෙන් ප‍්‍රතිචාර ලැබෙනවා. ඉතින් සංගීත නිර්මාතෘ චමත්ටත්, මුල් ගායනය සහ මගෙත් එක්ක රැුප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනෑ.
* යොහානිට මේ ගීතය කරන්න අදහස ආවේ කොහොමද?
මේක මම තනුවට සහ පද වලට කැමැති නිසා TikTok එකේ මුලින් ගායනා කරපු සහ පස්සේ Official එක කරපු සින්දුවක්. මෙහි මුල් ගායනය සතීශාන් සහ දුලාන් ARX. නිර්මාතෘ චමත් සංගීත්.
* අන්තර්ජාලයේ මේ ගීතය මිලියන තිහක් නරඹලා තියෙනවානේද?
ඇත්තටම විවුස් ගැන නම් මම එච්චර හිතන්නේ නෑ. මම හැමතිස්සේම උත්සාහ කරන්නේ අලූත් දෙයක් ඉගෙන ගන්න සහ හොඳ නිර්මාණයක් කරන්න. එහෙම කරන සමහර නිර්මාණ රස විඳින්නේ ටික දෙනෙක් වුණත් ගැටලූවක් නැති නිසා විවුස් ගැන නම් මම එච්චර හිතන්නේ නෑ.
* අද වෙනකොට මේ ගීතයට අමිතාබ් භච්චන් පවා සිය ට්වීට් ගිණුමේ සුබපතලා තියෙනවා නේද?
මේක මගේ සංගීත දිවියේ විශේෂ සංධිස්ථානයක් කියල හිතනවා. ඔහු වැනි ජ්‍යෙෂ්ඨ කීර්තිමත් රංගන ශිල්පියෙක් රසවිඳින බව දැන ගන්න ලැබුණු එක මහත් ගෞරවයක්.
* එම පණිවුඩය දැක්කහම ඔබට මොකද හිතුණේ ?
මම සාමාන්‍යයෙන් දුරකථනය ළඟින් තියාගන්නේ නෑ. ගොඩක් වෙලාවට ඉන්නේ ස්ටුඩියෝ එකේ. පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමෙන් තමයි කතා කරලා කිව්වේ මෙහෙම දෙයක් වෙලා කියලා. මම හිතුවේ විහිළුවට කියනවා කියලා. ඉතින් මම පණිවිඩය දැක්කේ ටිකක් පරක්කු වෙලා. එතකොට ගොඩ දෙනෙක් කතා කරලා සුබපතල එහෙම තිබුණා. ඒ මොහොතේ හිතුන දේවල් විස්තර කරන්න නම් මට තේරෙන්නේ නෑ.
* මේ ගීතයේ රූප රචනාව ගැනත් කතා කරමු නේද?
පසිඳු කෞෂල්‍ය තමයි වීඩියෝ එක කළේ. මේක දවසකින් වගේ කරලා අවසන් කරපු වැඩක්. ඔහු ඉතා දක්ෂයෙක්.
* කොහොමද සංගීත වැඩකටයුතු?
වැඩකටයුතු ටික හෙමින් කෙරීගෙන යනවා. මේ දවස් වල එළියට බහින්නේ නැතුව පරිස්සමෙන් ගෙදර ස්ටුඩියෝ එකේ තමයි ඉන්නේ.
* යොහානි මේ දිනවල හරි කාර්යබහුල ගායිකාවක්. එහෙමද?
කාර්යබහුලම නෑ. එළියට යන්නේ නැති නිසා ටිකක් නිස්කලංකව ඉන්නවා.
* එළැඹෙන සැප්තැම්බර් මාසයේ අලූත්ම වැඩකට සූදානම් වෙනවා කියන්නේ?
ඔව්. සැප්තැම්බර් 17 මගේ අලූත් නිර්මාණයක් එළිදැක්වෙනවා. ඒකට අපි සෑහෙන මහන්සි වුණු වැඩක්.
*තාත්තා විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
තාත්තා හැම තිස්සේම හැම වැඩකටම දිරි ගන්වනවා. තාත්තගේ රිංග් ටෝන් එකත් මගේ සින්දුවක්.
* තාත්තා මේ ගීතය නැරඹුවේ නැතිද?
කීප වතාවක්ම නැරඹුවා.
* අමිතාබ්ගේ සුබපැතීම ගැන තාත්තා
මොනවාද කිව්වේ?
ඔහු එහෙම ප‍්‍රතිචාර දක්වන හෝ කතාබහ කරන කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු මේ ගැන ආඩම්බර වෙන බව නම් දන්නවා.
* ඔබේම ගීත එකතුවක් කරන්න අදහසක් තියෙනවාද?
ඔව්. ගීත 12 ක් මේ වනවිට අවසන් කරලා තියෙන්නේ. ලබන අවුරුද්දේ ජදඩසා වසංගතය ඉවර වුණු ගමන් සජීවී ප‍්‍රසංගයක් සමග එළිදක්වන්න සැලසුම් කරලා තියෙන්නේ.
* ක්ෂේත‍්‍රයේ අයගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ ?
මම නවකයෙක් වුණත් ඇත්තටම බොහෝ දෙනෙක් සහයෝගයෙන් වැඩකටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ ගැන සතුටුයි.
දිනේෂ් විතාන