යෝජිත ඇවිදින මංතීරුව වැව් තාවුල්ලට තවත් ආරක්ෂාවක්

220

*  සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පර්ශ්වයේ  අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමි

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාව ආශ‍්‍රිතව ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුවට ඉදිකිරීම මගින් වැව් තාවුල්ල තවත් ආරක්ෂා වන බව ඉංජිනේරු අංශ විසින් පවසා තිබෙන බව පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

මෙය ඉදිකිරීමට විරෝධය දක්වන සුළු පිරිස අතර මහ සංඝරත්නය හා ගොවීන් සිටින බවත් ඒ කිසිවෙකුත් මෙය භාවිත නොකරන බවත් කී අනුනාහිමියෝ මෙයට පක්ෂ අති විශාල පිරිසක් නිහඬව සිටින බවද අවධාරණය කළහ.

කරුණු හරිහැටි නොදැන සංවර්ධන කටයුතු වලට විරුද්ධ වන බොහෝ දෙනකු පසුකාලීනව එම සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රතිලාභ බුක්ති විඳින බවත් විරුද්ධ වන අයටද මෙම ප‍්‍රකාශය වලංගු වන බවත් උන්වහන්සේ පැවසූහ.

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ රන් වියන ඉදිකළ අවස්ථාවේදීද විශාල පිරිසක් එයට විරෝධය දැක්වූ නමුත් අද එහි අලංකාරත්වය ගැන සැවොම කතා කරන බවත් යම් සංවර්ධන කටයුත්තක් සිදුකරන්නට සැලසුම්කරන විට ඒ සම්බන්ධව නිසි අධ්‍යන්‍යයක් නොකර විරුද්ධ වන පිරිසක් අපේ රටේ සිටින බවත් උන්වහන්සේ කීහ.

අස්ගිරි අනුනාහිමියෝ එසේ පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පෙරේදා (20දා* පස්වරුවේ මහනුවර ඓතිහාසික ආදාහන මළුව විහාරස්ථානයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment