යෝෂිතට ‘ඩේසි ආච්චිට’ මහාධිකරණය හමුවේ අධි චෝදනා

50

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පුංචි අම්මා වන ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා ඊයේ (14දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ 800කට අධික මුදලක් යොදවා දෙහිවල හා රත්මලාන මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා තුනක් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඟා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment