රංගන ශිල්පී සුදත්ත තිලකසිරිගෙන් සීඅයිඩීය පැය 4 ක් ප‍්‍රශ්න කරයි

634

රංගන ශිල්පියකු මෙන්ම සමාජ මාධ්‍ය කි‍්‍රයාකාරිකයකුවූ සුදත්ත තිලකසිරි මහතාගෙන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15 දා) පැය 4 ක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව පෙරේදා පෙරවරු 10.00 ට එහි පැමිණි ඒ මහතා පස්වරු 2.00 ට පමණ ඉන් පිටතට පැමිණියේය.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා මෙසේද කීය.

මේ ආණ්ඩුව බලයට ගේන්න කඬේ ගිහිල්ලා ගැස්ට‍්‍රයිටිස් හදාගෙන කන්න නැතුව අතින් වියදම් කරගෙන ගියා. ඒකට මේ දීපු තෑග්ගට බොහොම ස්තුතියි. මගේ ගෙල සි`දලා දැම්මත් මගේ වැඬේ නතර කරන්නේ නැහැ.

‘‘මට විරුද්ධව පෙත්සමක් ඇවිත් තියෙනවා. රටට හිතැති කලාකරුවෝ කියලා. කාටහරි වුවමනා කරලා තියෙන් මගේ කට වහන්න. මේ රටේ මිනිසුන්ව කුපිත කරවන්න, ප‍්‍රභූවරුන්ට ගහන්න ඔය වගේ දේවල් තියෙනවා කියලා කිව්වා. අපි බලාපොරොත්තුවුණු ඒ දේශය අපට ලැබුණේ නැහැ. අපිව නිහඬ කරවන්න බැහැ යැයි කීවේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment