ජ්‍යොතිෂයේ සඳහන් ශුභ ග්‍රහයන්ගෙන් යෙදෙන ශුභයෝග අතර ගජකේෂරි යෝගයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බලවත් කේන්ද්‍ර තිබෙන අය අනෙක් අයට වඩා ඉහළ යන බවත් පැහැදිලිව පෙනෙන සත්‍යයක්. ඔබගේ ජන්ම පත්‍රයේ සඳු හා ගුරු බලවත්ව සඳුගෙන් ගුරු කේන්ද්‍ර ගතව සිටීම ගජකේෂරී යෝගයයි. මෙම යෝගය ඔබටත් තිබෙනවා නම් ඔබ අනෙක් අයට වඩා රජෙක් වගේ සිටීමට හැකි වනු ඇත. සමාජයේ උසස් වෙනු ඇත. කරන කියන දේ සාර්ථක වනු ඇත. සඳු සිතිවිලිවලට අධිපති ග්‍රහයා බවත් මාතෘ කාරක ග්‍රහයා බවත් අපි දන්නවා. ගුරු ග්‍රහයා සුර ගුරු කියලා හඳුන්වනු ලබනවා. ගුරු ධනයට අධිපතියා ලෙසද හඳුන්වයි. චරිතයේ පිරිසිදුකමට, ප්‍රසිද්ධියට, මවුපිය ගුරුවරුන්ට දක්වන ගෞරවය, නීරෝගී බවට, කලබලකාරී නොවන ගතියට, දුකට පත් අයට පිහිටවීමට, සිතෙන ගතිගුණ, සෞම්‍ය ගතියට, අධිපතියා ගුරු ලෙස හඳුන්වයි.
කේන්ද්‍ර පිටපතක කොටු දොළහකින් සමන්විත බව ඔබ දන්නවා. එයින් 1, 4, 7, 10 යන ස්ථාන හඳුන්වන්නේ කේන්ද්‍ර ස්ථාන හැටියටයි. මේ නිසා එක ග්රහයක සිටින තැනින් වම් පැත්තට ගණින විට 1, 4, 7, 10 යන ස්ථාන එම ග්‍රහයාගෙන් කේන්ද්‍රගත වනු ඇත.
ඔබගේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින ස්ථානයට අංක 1 කියලා වම් පැත්තට ගැන ගෙන යන විට ගුරු ග්‍රහයා සිටින්නේ ඉහත අංක 1,4, 7, 10 ස්ථානවලින් එකක නම් ඔබටත් ගජකේෂරී යෝගයේ තිබෙන බව වටහා ගන්න. ගජ ඇතා යන අර්ථය ද කේචරි සිංහයා යන අර්ථය ද ඇතිව නිර්මාණය වූ ගජකේෂරී යෝගය නම් ඇසූ පමණින්ම ඉතා තේජවන්ත බවක් හැඟී යනු ඇත. ජ්‍යොතිෂය ඉතා ඉහළින් වර්ණනා කරන මෙම යෝගය ක්‍රම හතරකට පිහිටන්න පුළුවන්. යෝගය බලවත් වීමට නම් සඳු සහ ගුරු යන ග්‍රහයන් කේන්ද්‍රයේ බලවත්ම රාශියක් තුළ සිටින ආකාරය අනුව උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්ර වැනි පිහිටීමක සිටීම වැදගත් වෙනවා. ඒවාගේම පාප ග්‍රහයකුට මැදි නොවී පාප ග්‍රහයන්ගෙන් දෘෂ්ටියට ලක් නොවී සිටීමත් වැදගත් වනු ඇත. සඳු හා ගුරු කිසියම් ශුභ භාවයක අධිපතිකමක් දරනවා නම් එයද මෙම යෝගය බලවත් වීමට හේතු වනු ඇත. ගජකේෂරී යෝගය ඇතිවීමට පෙර පින් බලය ද බලපානු ලබයි. එසේ නම් ඔබටත් ගජකේෂරී යෝගය ඇත්නම් පෙර පින් බලය තිබේ. ගජකේෂරි යෝගයක් නම් ඔබත් රජෙකු බඳුවේ.
ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී,
විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242