2024 මැයි මස 24 වැනිදා වන විට රජය සතු වාහන සංඛ්‍යාව 90,077ක් බව රජයේ මූල්‍ය නොවන වත්කම් හා පිරිවැය කළමණාකරණය පිළිබඳ අධීක්ෂණය කෙරෙන කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය පවසයි.ඉන් වාහන 85,875ක් ධාවනය කළ හැකි මට්ටමේ පවතින බවත් වාහන 4182ක් ධාවනය කළ නොහැකි මට්ටමේ පවතින බවත් සදහන් කරයි.මෙම වාහන අතරින් 37,101ක් වසර 15ට වඩා පැරණි ඒවාය.වාහන 11,383ක් වසර 05ට වඩා අඩු ධාවන කාලයක් පවතින ඒවාය.එනිසා රජයට තව වසර 05 ක් පමණ යන තෙක් වාහන අලුතින් මිලදී ගතයුතු නැතැයි ද සදහන් කරයි.බොහෝ වාහන අබලන් වී ඇත්තේ නිසි ලෙස නඩත්තු නොකරන්න නිසා යැයිද පවසයි.
|