රජය විසින් නියම කරනු ලැබූ සහතික මිලට පමණක් වී මිලදී ගැනීමට වී මෝල් හිමියන් එකඟතාවය පළ කර ඇත.
කෘෂිකර්ම අැමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් සමඟ අද (21) පැවති සාකච්ඡාවකදී ඔවුන් එම එකඟතාවය පළ කර තිබේ.
සම්බා වී තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 52 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 44 බැගින්ද පසුගිය දා රජය විසින් සහතික මිලක් පනවනු ලැබීය.
එමෙන්ම ප්‍රමිතිගත නාඩු වී තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 50 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 46 බැගින් ද මිල නියම විය.