රජයේ ආයුර්වේද වෛද්‍යවරු හෙට දහවල් උද්ඝෝෂණයක

84


ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා බලපානු ලබන සේවා ඉල්ලීම් 06ක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍යවරු හෙට දහවල් 12ට බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .
ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා පැය 06ක සේවා මුරයක් ලබා ගැනීම, වෛද්‍යවරුන්ට හිමි දීමනා ලබා ගැනීම,
රු. 10,000 කින් වැටුප වැඩි කර කර ගැනීම, රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා රැකියා ලබා ගැනීම,
සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම,මාරු මණ්ඩල අක‍්‍රමිකතා නතර කර ගැනීම යන ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පවත්වන බව සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය කේ .පී. ආර්. එස්. ගුණරත්න මහතා පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment