රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අයි.එම්.එෆ්. ප්‍රශංසා

51

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රි ලංකා රජයට ප්‍රශංසා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි.

මෙහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට මෙසේ ප්‍රශංසා කළේය.

මෙහිදී මෑතකාලීන සමාජ ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදුකරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රී ලංකාව සිදු කළ කැපකිරීම ද එහිදී ඔකමුරා මහතාගේ ඇගැයීමට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමග මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වොෂිංටනයේදී සාකච්ඡාවකට එක්ව ඇත.

මෙහිදී ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබඳව කේන්ද්‍රගත වූ අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන මඟින් තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කරගත හැකි අයුරු සාකච්ඡා කෙරුණු බව සේමසිංහ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment