රජයේ මාධ්‍ය ආයතන චීන රජයේ ආයතන සමග එක්වෙයි

335

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ලේක් හවුස් ආයතනය චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.චීන සමූහ ආණ්ඩුවේ ජාතික ගුවන් විදුලිය සහ රූපවාහිනිය අතර පරිපාලන අවබෝධතා ගිවිසුම සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂිං හුවා ප්‍රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.


advertistmentadvertistment