රජයේ වාහනවලට රතු එලියක්

349

රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි විසින් රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී ඇත.

ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිතා නොකරන ලෙසටද ඔහු දැනුම්දී තිබේ.

මේ අතර රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.


advertistmentadvertistment