ගුරු වැටුප් විෂමතාවට අදාළව ආණ්ඩුව රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නද සංගමය කිසිසේත්ම ඊට එක`ග නොවන බවත් දැනට නතර කර ඇති දරුවන්ගේ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු ඇතුළු අනෙකුත් වෘත්තීය ක‍්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩවම සිදුකරගෙන යන බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඊයේ (31 වැනිදා* පැවසීය.
දරුවන්ගේ ඔන්ලයින් ඉගැන්වීමේ අධ්‍යාපන කටයුතුවලට සිදුව ඇති බාධාවට සම්පූර්ණයෙන්ම වත්මන් රජය වගකිවයුතු බවද හෙතෙම කීය.
වර්ජනය හේතුවෙන් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු නතර වී අදට (01 වැනිදා* දින 52 ක් ගතවී තිබේ.
මෙහිදී කතා කළ ජෝෂප් ස්ටාර්ලිං මහතා මෙසේද කීය.
ආණ්ඩුව ගුරු වැටුප් විෂමතාව හරිහැටි විසඳන්නේ නැතිව කල්මරනවා. දැන් මේ අය රුපියල් පන්දාහක දීමනාවක් දීලා ඇ`ග බේරගන්නයි හදන්නේ. මේ පන්දහසේ දීමනාවට අපි කිසිසේත්ම එක`ග නැහැ. අපි කිව්වේ සුබෝධිනී කමිටු වාර්තාවේ කොටසක් හරි අරගෙන මේ වැටුප් විෂමතාව විසඳන්න කියලයි. නමුත් ඒ වාර්තාව ක‍්‍රියාත්මක කරන්නේ නැතුව රුපියල් පන්දාහක දීමනාවක් දෙන්න හදනවා.
මේ අමාත්‍ය මණ්ඩල තීරණය අපි පිළිගන්නේ නැහැ. ආණ්ඩුවට අපි සම`ග සාකච්ඡා කරන්න තවත් අවස්ථා තිබෙනවා.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් චමින්ද සිල්වා සහ නිරෝෂා වාසල
|