රජය IMF සහාය ඉල්ලයි – දූත කණ්ඩායමක් ඉක්මනින්ම දිවයිනට

236

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහ තාක්ෂණික දැනුම ඉල්ලා ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (02 දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම විශේෂඥ දැනුම ලබාගෙන ශී‍්‍ර ලංකාවේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ ක‍්‍රමවේදය සොයා බලන බව ද ඇමැතිවරයා හෙළි කළේය. ඒ සඳහා ඔවුන් උපදෙස් ලබාදෙනු ඇතැයි ද එම උපදෙස් භාර ගන්නවා දැයි තමාට තනිව තීරණයක් ගත නොහැකි අතර ඒ සඳහා රජය සමග සාකච්ඡුා කර පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment