සුදුස්සකු පත් නොකළොත් අර්බුද රැසක්
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර හෙටට (12දාට) පෙර පිරවීම සිදු නොකළහොත් අර්බුද රැසක් නිර්මාණය වියහැකි බව එම විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශ සහ විශ්වවිද්‍යාල ප්‍රජාව පවසයි.
විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරියගේ පළමු ධුර කාලය හෙටින් අවසන්වීමට නියමිතව තිබේ. ඒ අනුව නව උපකුලපති ධුරය සඳහා සුදුස්සකු තෝරාගැනීමට මීට තෙමසකට පෙර පැවැත්වූ සම්මුඛ පරීක්ෂණය සහ නිලවරණයේදී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ද වර්තමාන උපකුලපතිනි මහාචාර්ය සංජීවනි ගිනිගද්දර මහත්මියයි.
උපකුලපති පත්කිරීමේදී ඒ සඳහා පවත්වනු ලබන ඡන්දයෙන් වැඩිම ලකුණු ලබාගත් තිදෙනාගේ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් අනුමත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් වඩාත් සුදුසු පුද්ගලයා පත් කිරීම නීතිය වේ.
එම නීති ප්‍රකාරව සියලු කටයුතු සිදුවී ඇතත් මේ වනතුරුත් උපකුලපති ධුරය නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීම නිසා 12 වැනිදායින් පසු උපකුලපති අසුන හිස්වීමෙන් විශ්වවිද්‍යාලයේ පාලන කටයුතුවලට දැඩි බාධා මතුවිය හැකි බව එහි පරිපාලනය පෙන්වා දෙයි.
මේ වන විට රජරට විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් රැසකින් ඉදිරියෙන් සිටින බැවින් මෙම තත්ත්වය එහි ප්‍රගතියට ද හානිකර බව පරිපාලන අංශ මෙන්ම සෙසු සරසවි ප්‍රජාව පෙන්වා දෙති.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු