රජීව් ගාන්ධි ඝාතනයේ ශාන්තන් රජීව් ගාන්ධි රෝහලේදී ම මියයයි

198

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබූ යාපනයේ ශාන්තන් නමැත්තා පෙරේදා (27 දා) ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් තිබේ.

ඔහු වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී හදිසියේ වැළඳුණු අක්මා රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

ශාන්තන්ගේ මව විසින් ඉන්දීය රජයට ඉදිරිපත් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබුණි.

හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ නාලිනී, මුරුගන් සහ ශාන්තන් ඇතුළු හත් දෙනා 2022 නොවැම්බර් මාසයේදී නිදහස් කරනු ලැබූහ.

නිදහස් කරන ලද හත්දෙනා අතරින් මුරුගන් සහ ශාන්තන් ටි්‍රචි විශේෂ කඳවුරේ රඳවා තබන ලද අතර අනෙක් පස් දෙනාට ඔවුන්ගේ ඥාතීන් වෙත යෑමට අවසරය ඉන්දීය රජයෙන් හිමිවුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment