ලෝක සිතියමේ තිතක් බඳු වූ ශ්‍රී ලංකාව ලෝකෙටම ලොක්කා වී 1996 ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කර අද (17 වැනිදා) දිනට වසර 27 ක් සපිරේ.
පාකිස්තානයේ ලාහෝර් පිටියේදී මාර්ක් ටේලර්ගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඔස්‌ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ජයග්‍රහණය ලබා ගත්තේය.
එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරියත් අවසන් මහා තරගයේ වීරයා ලෙස අරවින්ද ද සිල්වා ත් සම්මානයට පාත්‍ර වූහ.