අකිත පෙරේරා – රනිල් ධර්මසේන
‘ක්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවයට නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නවා. එය ක්‍රිකට් හා මලල ක්‍රීඩාව ඇතුළු සෑම ක්‍රීඩාවකටම අදාළයි’ යනුවෙන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිම්න්තුවේදී පෙරේදා (08 වැනිදා* පැවසීය.
මලල ක්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා. ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. සාක්ෂි එක්ක තියෙන මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රම්නාත් සී දොලවත්ත මහතා විසින් සභාව කල්තබන අවස්ථාවේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය. මේ රටේ ක්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් තිබුණත්, එය කෙතරම් ඉහළ සාධනීය මට්ටම් වලට පැමිණ තිබුණත් අපේ රටේ ක්‍රීඩාලෝලීන්ගේ හදවතේ තවමත් තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි! මෙතන සිටින ඇමැතිවරුන් රැුසක් ඇතුළු අපි සියලූ දෙනාගේත් හදවතේ නිරන්තරේ තියෙන ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. එහි පොඩි පසුබෑමක් තියෙනවා. අපි එය පිළිගත යුතුයි.
1996න් පටන් ගත්තහම ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපි ලෝක කුසලාන 4ක අවසාන මහා තරඟ වලට ආවා. ලෝක කුසලාන දෙකක් අපි ජයග්‍රහණය කෙරුවා. හැබැයි මේ හැම කාලසීමාවක් තුළම පාසල් ක්‍රීඩාවේ ඉඳන් දේශීය ක්‍රීඩා සංගම් දක්වා එතනින් එහාට සංවර්ධනාත්මක කණ්ඩායමත් development squad සහ A සංචිතය ආදී කණ්ඩායම් දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. අනික් පැත්තෙන් ක්‍රීඩා කිරීමේ අඛණ්ඩතාවයක් තිබුණා. ජාතික කණ්ඩායමට යෑමට අපොහොසත් වුණොත් ඒ කණ්ඩායම සමග ඉදිරියට යෑමට ක්‍රීඩකයෙක්ට හැකියාව තිබුණා. එයින් නැවතත් දේශීය සංගම්වලට එන්න හැකියාව තිබුණා. නමුත් 2004 ජයග්‍රහණයත් එක්ක මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැහැ. අද ඔබ දකිනවා ඇති ජාතික කණ්ඩායමේ එහෙම නැත්නං සංචිතයේ දස්කම් දක්වලා නැත්නම් දස්කම් දක්වන්න බැරි වුණොත් ඒ ක්‍රීඩකයාට අතරමැද අවස්ථාවක් නෑ. ආයෙ එන්නෙ domestic cricket වලින්. එතන දස්කම් දැක්වූවොත් නැවත යනවා අන්තර්ජාතික මට්ටමට. එතන අතරමැදි තත්ත්වයක් නෑ මේ දෙක අතර විශාල පරතරයක් තියෙනවා.
අපි 2014 ලෝක කුසලාන ජයග්‍රහණයත් එක්ක අද තියෙන තත්ත්වය දිහා බැලූවොත් එහෙම, අපට දිගුකාලීන සැලැස්මක් නොමැති වීම විශාල අභියෝගයක්! එය සමස්ත ක්රීඩාවටම බලපාපු කාරණාවක්! 2014 ලෝක කුසලානයෙන් පස්සේ 2019 වන විට අපට ක්‍රීඩා අමාත්‍යවරු හතර දෙනෙක් හිටියා. ඒ වගේම තමයි ප්‍රධාන පුහුණුකරුවන් පස්දෙනෙක් මේ අවුරුදු හතරට පුහුණුවීම් කටයුතු කරලා තියෙනවා. ඒ අයට අමතරව (supporting staff) එක විදිහට විස්සක් තිහක් අතර ඉඳලා තියෙනවා. ඒ වගේම එක් අවස්ථාවක දේශීය පුහුණුකරුවන්ට අවස්ථාව දිය යුතුයි කියන මතය ඇවිල්ලා පුහුණුකරුවො බඳවා ගත්තා. සංචාරයක් අතරමග ඒ පුහුණුකරුවා ගිවිසුම අහෝසි කළා. අවසාන ප්‍රතිඵලය තමයි ඒ පුහුණුකරු අද වන්දි නඩුවක් දාලා තියෙනවා. වන්දිය negotiate කරන්න නැත්නම් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ඒ කණ්ඩායම කරන වැඬේ සාධාරණීයකරණය කරන්න ඩොලර් ලක්ෂ එකහමාරක නීති උපදෙස් වලට මුදල් ගෙවලා තියෙනවා.
මේ අනුව, අවුරුදු පහක් ඇතුළත පුහුණුකරුවෝ පස්දෙනයි. එපමණක් නෙවෙයි කණ්ඩායම් නායකයෝ දහදෙනෙක් අත්හදා බලා තියෙනවා. මේ කාලය තුළ ඊට අමතරව ක්‍රීඩකයන් 105ක් T20, one day, test ආදී තරග වලට අත්හදා බලා තිබෙනවා. සමහරක් ක්‍රීඩකයන් එක තරගයක් පමණයි සෙල්ලම් කර තිබෙන්නේ. අවසාන ප්‍රතිඵලය ඒ කිසි කෙනෙක්ට තමන්ගේ ස්ථානයේ ස්ථාවර වෙන්න අවස්ථාව ලැබුණේ නෑ.
2016-2017 කියන එක අවුරුද්ද තුළ විතරක් ක්‍රීඩකයෝ හතළිස් දෙනෙක් කටයුතු කර තිබෙනවා. 2014 ට පස්සෙ අපි සම්බන්ධ වුණු කුසලාන ගත්තොත්, 2016 පළමු වටය අපි ජයග්‍රහණය කළේ
ඇෆ්ගනිස්ථානය සමග පමණයි. 2017 champion’s trophy අපි එක තරගයක් ජය ගන්නව. ආසියානු කුසලානය අපි බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ට පරාජය වෙනව. මේ අනුව බලන කොට ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීම 2014 න් පසු 2015 න් ආරම්භ වෙන්නක්. එකිනෙකාට ඇඟිල්ල දික් කිරීමෙන් ඒක තේරුමක් වන්නේ නැහැ.
ක්‍රිකට් පාලක මණ්ඩලය ස්වාධීන ආයතනයක්. ඔවුන් නිලවරණයකින් පත්වන්නේ. ඔව්, එම නිලවරණ වෙනස් විය යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වීමට නියමිතයි. අපි පාර්ලිමේන්තුවට ක්‍රීඩා පනතක් ගෙන එනවා. එයින් අපිට ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු සියලූම ක්‍රීඩා සංගම්වලට තේරී පත්වන අය පිළිබඳව යම්කිසි නියමානුකූල ක්‍රමවේදයක් සකස් කරන්න. අපි වගකීමෙන් කියන්නේ අපිට කළ හැකියි.
අනෙක් කාරණේ තමයි, අපි අලූතෙන් ක්‍රිකට් කමිටුවක් පත්කර තිබෙනවා අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. රොෂාන් මහනාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, ක්‍රීඩා කවුන්සිලයේ මහේල ජයවර්ධන ආදී මහත්වරුන් වගේම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කලූවිතාරණ මහත්වරුන්ගේ සහභාගිත්වය සහිතව තේරීම් කමිටුව වශයෙන් පත්කර තිබෙනවා. මේ අය මේ වන විටත් සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ තරගකාරී ආකාරයට දේශීය ක්‍රීඩා සංගම් තරගාවලි පවත්වාගෙන යන්නට. අපි එයින් බලාපොරොත්තු වෙන්නේ, පළමු පෙළ ක්‍රිකට් වලට උඩින් තරගයක් පවත්වන්නත්, පාසල් ක්‍රීඩා ව්‍යුහය සහ එල්.පී.එල්. තරගාවලිය කරගෙන යන්නට මේ වසරේත් බලාපොරොත්තු වෙනවා. මෙයින් කී‍්‍රඩකයන්ට සිය අඛණ්ඩතාවය රඳවා ගත හැකියි.
|