ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකු සඳහා රුපියල් කෝටි 20ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. දැනට අපේක්ෂකයින් 27දෙනකු ඉදිපත්ව සිටිති.එක් අපේක්ෂකයෙක් වැඩිවූ විට අඩුම තරමින් රුපියල් මිලියන 200ක් ( රුපියල් කෝටි 20ක් )පමණ වියදම වැඩි වන බවද ඒ මහතා සඳහන් කරයි. බොහෝ අපේක්ෂකයින්ගේ අරමුණු මාධ්‍ය තුළ කථා කිරීමට කාලය ලබා ගැනීම හෝ ජනපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට, සංස්ථා සභාපති ධුරයෙන් ලබා ගැනීම, ගල් වළක් හෝ වැලි පර්මිට් එකක් ලබා ගැනීම බවද ඔහු පැවසීය.පසුගිය මැතිවරණ ගණනාවේදීම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියලු අපේක්ෂකයින් ලබා තිබුණේ සියයට 05ට වඩා ඡන්ද ප්‍රතිශතයක් යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කීවේය.රටට ආදරේ කරන අපේක්ෂකයෝ මේ ගැනත් සිතන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.