රටට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක කොටස්කරුවකු ලෙස මෛති‍්‍රපාල සිරිසේන කටයුතු කරමින් සිටිනවා

213

දේශපේ‍්‍රමි එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් හේවාපතිරණ

රටට එරෙහි වන දේශපාලන ක‍්‍රමන්ත‍්‍රණයක කොටස්කරුවකු ලෙස හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද කටයුතු කරමින් සිටින බව දේශපේ‍්‍රමි එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා 2015 වසෙර් කළා සේ මේ රටට වින කරන ප‍්‍රතිගාමී කඳවුරක් ශක්තිත් කිරීමට කටයුතු කරමින් සිටින බවද හේවාපතිරණ මහතා ඊයේ (13 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ හේවාපතිරණ මහතා මෙසේද කීය. අද මෛති‍්‍රපාල සිරිසේන මහතා විවිධ ප‍්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන තිබෙනවා. එදා 2015 දී රටේ තිබුණු ශක්තිමත් දේශපාලන පසුබිම බිම දමල රට අරාජික තත්ත්වයට පත්කරන්න ඔහු මූලික වුණා. 2015 දී ඔහුගේ හැසිරීමත් වර්තමානයේදී එතුමාගේ කි‍්‍රයාකලාපයත් බැලූවහම පෙනෙන්නේ එතුමා විදේශ ඔත්තු සේවාවක නියෝජිතයෙක් නැත්නම් මේ රටට එරෙහිවන දේශපාලන කුමන්ත‍්‍රණයක කොටස්කරුවකු හැටියටයි. එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් හැටියට එක්සත් ජාතික පක්‍ෂයේ ඔඩොක්කුවට බැහැල මේ රට අරාජික තත්ත්වයට පත් කළා. යළිත් වතාවක් නිදහස් පක්‍ෂයේ නමයි එහි පාක්‍ෂිකයොයි අවභාවිත කරන්න පටන් අරන් තියෙනවා. අද ප‍්‍රතිගාමී කඳවුර ශක්තිමත් කිරීමේ කටයුත්තක යෙදී සිටිනවා. එදා රාජපක්‍ෂ විරෝධයක් නිර්මාණය කළා. බලයට ආවා. ඇවිත් අවුරුදු පහ තුළ මේ රටට මොනවද කළේ. රටේ ආරක්‍ෂාව, ආර්ථිකය බිඳවැටුණ බව ද සුගත් හේවාපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment