රටට ඩොලර් ගෙනා  තේ කම්හල් පණ අදී… – ලක්‍ෂ 20 කගේ රැකියා අනතුරේ

87

ඉන්ධන අර්බුදය හේතුවෙන් තේ කර්මාන්ත ශාලා සියයට 25 ක් දැනටමත් වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා පෞද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්. ජිනදාස මහතා “දිවයින” ට ඊයේ (03 වැනිදා) පැවැසීය.

මෙම තත්ත්වය තුළ තේ කර්මාන්තයේ නියුතු ලක්‍ෂ 20 කට අධික පිරිසකගේ රැකියා අනතුරේ බවද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජිනදාස මහතා මෙසේද කියා සිටියේය. පාලකයන් ඉන්ධන අර්බුදයක් ඇති කෙරෙව්වා. මේ රටට ඩොලර් වැඩියෙන් උපයලා දුන් තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක තියෙන්නේ. ගම් මට්ටමින් තේ දලු ටික එකතු කරගෙන එන්නවත් වාහනවලට ඉන්ධන නැහැ. හුඟක් තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ දර වලින්. ඒ දර ටිකවත් කපාගෙන එන්න ඉන්ධන නැහැ. ප්‍රශ්න ගොඩයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment