දේශීය ආදායම්, ශ‍්‍රී ලංකා රේගුව සහ සුරාබදු යන මෙරටට ප‍්‍රධානතම බදු ආදායම් ලබන ආයතනයන් හි නීති නිලධාරි තනතුර ඇතුළු ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු රැුසක් කාලාන්තරයක් තිස්සේ පුරප්පාඩුව පවතින බව රජයේ ගිණුම්කාරක සභාව (කෝපා* සිය පළමු වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
ඒ අනුව ශ‍්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍යම තනතුරක් වන නීති නිලධාරි තනතුර කාලයක් තිස්සේ පුරප්පාඩු වී පවතින බවත්, ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට 10 ක් ම 2020 වසරේ ජුනි සිට පුරප්පාඩු වී පවතියි. එම පුරප්පාඩු 281 න් 183 ක් ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ ද 2020 ජුනි 30 වැනිදා වන විට පුරප්පාඩු 292 ක් පැවති අතර ඉන් 35 ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ ද 66 ක් තෘතියික මට්ටමේ ද තනතුරු බව සඳහන් වෙයි.
රාජ්‍ය ආදායමින් සියයට 90 ක් ම ලබාදීමට දායක වන එම ආයතනයන්හි පුරප්පාඩු පැවතීම රජයේ මුදල් අවභාවිත කිරීමට පෞද්ගලික පාර්ශ්වයන්ට ඉඩ සැලසෙන බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
එම කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
– අකිත පෙරේරා
|