රටත් – ජනතාවත් නිරෝගිමත් කරන පුනර්ජනනීය ගොවිතැන

499

මහ පොළොව පූජනීය වස්තුවකි. සුරැකිය යුතු සම්පතකි. සුවපත් නිරෝගී මහපොළොව මිහිමත ජීවින්ට සුවය සැපත සලසයි. ගොවිතැන ස`දහා ගොවියා ගනුදෙනු කරනු ලැබුවේ මතු පිට පසත් සමග පසේ ප‍්‍රතිඋත්පාදනය හා පසට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සහතික කරමින් පද්ධතිය සංචරලක අතර අන්තර් සම්බන්ධතාව හා එහි බහු කාර්ය ස්වභාවය වර්ධනය වන ආකාරයට මහා විද්‍යාවක් සහිතව ගොවිතැන් කෙරූ බවට වසර 3000 මෑත ඉතිහාසය අපට සාක්ෂි සපයයි. අපේ ගොවිතැන තුළ දී පස පූජනීය වස්තුවක් ලෙස සුරැුකමින්, පෝෂණය කරමින්, සුවපත් කරමින් නිවහල් ගොවිතැනක යෙදුන බවත්, එම ගොවිතැන තුළින් පිරිසිදු, නැවුම්, රසයෙන් හා ගුණයෙන් අනූන, සෞඛ්‍යයට හිතකර එළවළු, පලතුරු, පලා සමග ප‍්‍රාථමික මට්ටමේ ඖෂධ ලබාගෙන ඇති අතරම, මේවා අනාගත පරම්පරාව වෙත උරුම කර දෙමින් පසත්, ජලයත්, ජාන විවිධත්වයත්, මැනවින් සංරක්ෂණය කරමින් ‘‘පුනර්ජනනීය ගොවිතැනක’’ නිරත වී ඇත.

 හැටේ දශකයේ අග භාගයේදී හරිත විප්ලවය නම් මහා බොරුව මගින් හරිත විප්ලව තාක්ෂණය හා එම තාක්‍ෂණ කට්ටලයත් 1977 පසුව කැ`දවා ගත් විවෘත ආර්ථිකයත් හේතුවෙන් පසු කාලීනව ගොවිතැන විකෘතියක් බවට පත් විය. එය වාණිජ කෘෂිකර්මයක් බවට පත් වුණේ ලාභය මුල් කර ගනිමින්ය. යාන්ත‍්‍රීකරණය හා රසායනිකකරණය ද සමගින් විදේශ සමාගම් හි යෙදෙයුම් මත යැපෙන පරපුටු ගොවිතැනක් පැවති තිරසර පුනර්ජනනීය ගොවිතැනට ආදේශක විය.

 සමාජමය වශයෙනුත්, ආර්ථික වශයෙනුත්, දේශපාලනමය වශයෙනුත්, දැවැන්ත අර්බුදයක් බවට, වර්තමාන කෘෂිකර්මය පත්විය. හරිත විප්ලවය නම් වූ මහ බොරුවට රැුවටුණු ලාංකීය ගොවියා වකුගඩු මාරයාගේ ගොදුරක් වෙමින් මරණ සහතිකයක් අතේ තබා ගෙන ඇවිදින මළමිනී බවට පත්ව ඇත. එදා සුපිරිසිදුව පැවතුණු මහ පොළොව ¥ෂිත වී රෝගී බවට පත්ව මියැදෙමින් පවතී. තරුණ පරපුර ගොවිතැන ප‍්‍රතික්‍ෂේප කරති. කෘෂිකර්මය පාඩු ලබන මහා කරුමයක් බවට පත්ව ඇත. ආහාරයට වස විස අඩුවක් නැතිව එකතු කරයි. ජල පෝෂක, ජල දහරා, වැව් අතුළු සියලූ ජල මූලාශ‍්‍රයන්ට වස විස එක් වී විනාශ වෙමින් පවතී. ආහාර සුරක්ෂිතතාවයේ හා ස්වෛරීභාවයේ මුල්සි`දී ඇත. මහ ඛේදවාචකයකට රටත්, ගොවියාත්, සමස්ත ජනතාවත්, මුහුණ දී ඇත. ග‍්‍රාමීය ගොවිතැනින් ගොවීන් ඉවත් වෙමින් පවතී. කෘෂිකර්මය මාරාන්තික බැවින් එය වහා වෙනස් කරගත යුතු බව වැඩි දෙනාගේ ඉල්ලීම විය. රටට අවශ්‍ය රටම ඉල්ලා සිටින්නේ ද අනාගත පරපුර වෙනුවෙන් තිරසර යුගයක් උදෙසා ‘‘පූනර්ජනනීය ගොවිතැන’’ නැවත ප‍්‍රතිස්ථාපනය කළ යුතු බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉටු කරනු ලැබුවේ ඒ ජනතා ඉල්ලීමයි.

 ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි හො`දම විකල්පය පුනර්ජනනීය ගොවිතැනයි. ජීව පූර්ණ ගෙවත්ත එහි එක් අංගයකි. මෙම ගොවිතැන් ක‍්‍රමයෙහි මූලික පදනම පසට හානියක් නොකර ගොවිතැන් කිරීමයි. පසෙහි තත්ත්වය වැඩිදියුණු කර ගනිමින් සාර්ථක ගොවිතැනක යෙදුණ බවට වූ අත්දැකීම් සහිත සාක්ෂි ඉතිහාසය පුරාවටම දැකගත හැකිය. ඒ නිසාවෙන් අද අපට සිදුව ඇත්තේ සුඛිත දේශයක් වෙනුවෙන් මහපොළොවෙන් වස විස ඉවත් කරමින් මහපොළොව නිදහස් කරලීමයි.

 ‘‘පුනර්ජනනීය ගොවිතැන’’ පිළිබ`දව ලාංකීය අපට ඇත්තේ ප්‍රෞඩ ඉතිහාසයකි. ඒ බවට ලාංකීය මානව ඉතිහාසය ගැන ප‍්‍රජා විද්‍යාත්මක සාධක සහිතව මාහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් පෙන්වා දෙන්නේ අවුරුදු 125,000කට පෙර තිබුණු මානව ඉතිහාසය තුළ හෝමෝ සාපියන් විදියටම මේ රට තුළ පරිණාමය වෙමින් සංවර්ධනය වුණාය කියන එකට සාධක තිබෙන බවත්, අවු. 125,000 ක ඉතිහාසය තුළින් සොයාගත් සෑම පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ධාන්‍ය, අලවර්ග සහිත මංජුසා සොයාගත් බවත්, ඒවා තුළ තුත්තිරි ඇට, ඇපල් ඇට තිබෙන බවට පර්යේෂණවලින් ඔප්පු කර ගත් බව පෙන්වා දේ. මෙවැනි අතීත පුරාවිද්‍යා සාක්ෂීන්, මැතකාලීන ලිඛිත සාක්ෂිත් සහිතව මේ භූමිය තුළ කාබනික ගොවිතැන පිළිබ`ද අතීත ආධ්‍යාත්මික සබ`දතාවය අවු.3000 ඉතිහාසයක් බවට අප හමුවේ ඔප්පු වී ඇත.

 මහා ගොවිබිම් පිළිබ`දව නටඹුන් නැති වුණාට ඒවාට උරදීපු වාරි කර්මාන්තවල නටඹුන් ඕනෑ තරම් රටපුරා දක්නට ඇත. ඒ අතුරින් ලොවම මවිතයට පත් කළා වූ යෝධ ඇල, බිසෝ කොටු, මඩ සොරොව්ව වැනි වාරි ශිෂ්ටාචාරයක නටඹුන් අදටත් ඉතිරිව තිබේ. එයින් ගම්‍ය වන්නේ මේ වාරි කර්මාන්තයන්ට සමගාමීව ගොවිතැනක් තිබුණු බවයි. ලොකයේ අදටත් වාරි කර්මාන්ත සමග බද්ද වුණු කෘෂිකර්මාන්තයන් ඇත. එහෙත් රට පුරාවටම විසිරුණාවූ වාරිකර්මාන්තයන් සමග කෙරෙන්නා වූ ගොවිතැනක් තිබෙන ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව පමණයි. මේ වාරිමාර්ගයන් සියල්ල නිර්මාණය වී තිබෙන්නේ, විද්‍යාත්මක පදනමක සිටයි. එහෙත් 1960 දී මේ සියලූ චිරස්ථායි පදනම් දෙදරා ආරම්භ වූ හරිත විප්ලවය තුළින් ඉතිරිව ඇත්තේ කුමක්ද? හරිත විප්ලවය සමගින් ආරම්භ වූ කෘෂිකර්මය අද දවස වන විට කරුමයක් බවට පත් වී නොමැතිද? කාලාන්තරයක සිට පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර ගෙන එන ලද පාරම්පරික දැනුමත්, රටටත්, ජනතාවටත්, සතා සිව්පාවටත් හිතකර වන අන්දමින් බීජ හා රෝපණ ද්‍රව්‍යයන් හ`දුනා ගෙන ඒවා වගාකර ගනිමින් ඒවා ස්වාභාවික ක‍්‍රමයට වැඩිදියුණු කර ගනිමින් එහි ගුණය ඖෂධීය අගය හා ශක්ති ප‍්‍රභවයන් හ`දුනා ගනිමින් වගා කළා වූ 3000 කට අධික බීජ වර්ගයන් ද එදවස අපට උරුමව තිබිණි.

 මේ සියල්ල සොරා ගැනීම හා කොල්ල කා ගැනීම මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය විය. එම ඉලක්කය සපුරා ගනිමින් ඔවුන් ජයග‍්‍රහණය කළ අතර අප පරාජය වී ඇත. ගොවිතැනට වස විස එකතු කරනු ලැබුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. මේ තුළින් සමාගම්හි ලාභය දෙගුණ තෙගුණ නොව දහපහළොස් ගුණයකින් වැඩිකර ගැනීමේ ගමන් මග පහදා ගෙන ඇත. මේ වන විට ඔවුන් සාර්ථක වී ඇති බව පෙන්වමින් අපට උරුමව ඇති බීජ වල ජානයන් ද දැන් අපට අහිමි කරමින් පවතියි. කුඩා බිම් කැබැල්ලක වගා කරන බෝග ගණන එකට දෙකකට සීමා කර ඇත. මේවාත් අධික වස විස සහිත රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක යන යෙදවුම් නොමැතිව වගා කර ගත නොහැකි තත්ත්වයකට පත් කර ඇත. මෙම කුඩා බිම් කැබලිවලින් තමන්ගේ පවුලට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නවා වෙනුවට විවිධ වූ සමාගම්වල මහ ධනස්කන්දයන් උපයන මාර්ග බවට නතු කර ගනිමින් වකුගඩු රෝගය, දියවැඩියාව හා පිළිකා හෘදයාබාධ වැනි අකාලයේ මරුවා වැළ`දගන්නා වූ බෝ නොවන වසංතගයක් පමණයි. මේවායින් අවසානයේ ඉතිරිව ඇත්තේ අපේ ආහාර රටාව විෂම කර මුළුමනින්ම උඩුයටිකුරු කරලීමයි.

 අනාගත ලෝකය දිනා ගත හැකි හා ආහාර සුරක්ෂිතභාවය සමග ආහාර ස්වෛරීභාවය සහතික කර ගත හැකි එකම ගොවිතැන් ක‍්‍රමය ‘‘පුනර්ජනනීය ගොවිතැන’’ වේ. එය හෙට ලොවට අවශ්‍ය තිරසර දැක්ම පෙන්වා දෙනු ඇත. මේ සියලූ විනාශයන් පිටුදකිමින් සහනයක් වන්නටත් හෙට නියත වශයෙන් උදා වන්නාවූ තිරසර යුගයට අවශ්‍ය ගොවිතැන් ක‍්‍රමය මෙය වනු ඇත. අවිද්‍යාත්මක මූලධර්මයන් මත පදනම්ව ආරම්භ කෙරෙනු රසායනික කෘෂිකර්මය වෙනුවට මනා ජල කළමනාකාරණයක් සමග බද්ධවුණු හිරු එළිය හා ස`ද එළිය එක්ක බැ`දිච්ච මහ පොළොවේ හෘද ස්පන්දනය ගැන දන්නා ක්‍ෂුද්‍ර ජීවීන් හා ගනුදෙනු කරමින් දැවැන්ත විද්‍යානුකූල පදනමක් මත කෙරෙන තිරසර ගොවිතැන් ක‍්‍රියාවලික් වූ පුනර්ජනනීය ගොවිතැන නැවත ඇති කර ගනිමින් ග‍්‍රාමීය ගොවියන් තුළ පැලපදියම් කර ඇති ඒක බෝග මනසින් ඉවත් කර සමස්ත ජෛව විවිධත්වයම වැළ`ද ගන්නා සබුද්ධික ධාර්මික ගොවියෙක් බවට පත් කර ගත යුතුව ඇත. ඒ තුළින්ම පමණයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්මෙන් අපේක්ෂිත වස විසෙන් තොර නිදහස් මහපොළවක් ස්ථාපිත කරගත හැකි වනුයේ.

 සැබෑ සෞභාග්‍යයේ හරිත විප්ලවයට අපි එකාමෙන් එකමුතුව කැපවීමෙන් එකතුවීම තුළින්ම පමණකි රටත් ජනතාවත් සුවපත් කළ හැක්කේ.

චින්තක සී. ගුණදාස
ලේකම්,
ගොවි උදාන ව්‍යාපාරය

advertistmentadvertistment
advertistmentadvertistment