රටපුරා පාසල්වල සා. පෙළ උ.පෙළ අද ඇරැඹෙයි

60

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (08දා) සිට ආරම්භ වේ.

මේ වනවිට ප‍්‍රාථමික ශ්‍රේණි (01 – 05) සහ සිසුන් 200 ට අඩු පාසල් සම්පූර්ණයෙන් විවෘත කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (07දා) පැවසීය.

පාසල් විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමා්‍යාංශය අදහස් කර තිබු අතර එහි පළමු අදියර ලෙස පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ප‍්‍රාථමික ශ්‍රේණි ආරම්භ කරනු ලැබීය. දෙවැනි අදියර ලෙස අද (08දා) 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.

මේ වනවිට පාසල්වල 06, 07, 08 සහ 09 යන ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මේ මාසය තුළදීම එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

සිසුන් පාසල්වලට පැමිණීමේදී මුව ආරවණ පැළඳීම, දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ලේකම්වරයා වැඩිදුටත් කීය.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment