රටපුරා රෝහල් ඉදිරිපිටදී GMOA විරෝධතාවක

171

රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මැදිහත්වීමක් නොකිරීම සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (12දා) රටපුරා රෝහල් ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබූ මෙම විරෝධතාව ඊයේ දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා ශික්‍ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ මූලික රෝහල් ඉදිරිපිටදී ක්‍රියාත්මක විය.

රට හැර යන වෛද්‍යවරුන් රඳවා ගැනීමට, අවධානයට ලක්කළ යුතු සිය ඉල්ලීම් සෞඛ්‍ය ඇමැතිවරයාට සහ රජයට ඉදිරිපත් කර ඇති බවත්, වෛද්‍යවරුන් දිරිමත් කිරීමට ප්‍රතිපත්ති මාලාවක් සැකසීම මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්‍ෂාකර ගනිමින් පවත්වාගෙන යෑමට අදාළ යෝජනා ද සිය සංගමය අදාළ බලධාරීන්ට ඉදිරිපත් කර ඇතැයි ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

සුජීව තත්සර


advertistmentadvertistment