රටම කම්පා කරවමින් මලියදේවයේ සිසු  සජිත අවසන් ගමන් යයි

709

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සජිත සහන් ගුණරත්න පසුගිය 5 වැනිදා පැවැති අධික වර්ෂාව සමග මහ පාරට යාබද කාණුවේ ගලා ආ ජල පහරකට මැදිවී නොසිතු පරිදි ඇතුගල්පුරවරය පමණක් නොව රටම කම්පා කරවමින් ජීවිතයෙන් සමුගත්තේය.

සජිතගේ මෘතදේහය ඊයේ (07දා) ඔහු අධ්‍යාපනය ලැබූ මලියදේව ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍යනායක සොයුරන්ගේ කරමතින් මල්කඩුවාව පොදු සුසාන භූමිය කරා රැගෙන යන ලදී. විදුහල්පති ඇතුළු ගුරුවරු ශෝකාකූලව

පෙරගමන් ගියහ. විද්‍යාලයේ තූර්යවාදක ඛණ්ඩය සහ පොලිස් පෙරගමන් රථය ද ගමන් කෙරිණි. සජිත අවසන් ගමන් ගියේ සියල්ලගේම නෙතේ කඳුළක් ඉතිරි කරමිනි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment