රටම කොළඹට: අරගලය අද රොදබඳී

281

දිනෙන් දින රටේම ජනතාව පීඩාකාරී තත්ත්වයට ඇද දැමීමට වගකිවයුතු ආණ්ඩුව වහා ගෙදර යා යුතු බවට බලකෙරෙන ‘රටම කොළඹට ජූලි 9 දැවැන්ත අරගලය’ අද (09 දා) කොළඹ දී රොද බැඳීමට නියමිතය.

කොළඹදී අද පැවැත්වෙන ජන අරගලයට සහයෝගය දක්වමින් ඊයේ (08 දා) වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සහ විරෝධතා පා ගමන් ආරම්භ කර තිබිණි.

කොළඹ අද පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවය හේතුවෙන් ඊයේ උදෑසන සිටම කොළඹ අවට ප්‍රදේශවල පොලීසිය යුදහමුදාව යොදා ආරක්‍ෂාව දැඩිකර තිබෙනු දක්නට ලැබිණි. එසේම ගැලවිය නොහැකි අයුරින් සවිකළ යකඩ බැරියර්ද දක්නට ලැබිණි.

“රොද බඳිමු පන්නමු” යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතා පා ගමන ඊයේ දහවල් 12.30ට කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර තිබිණි. එම පා ගමන සවස් භාගයේ කොළඹ කරා ගමන් කරමින් තිබිණි.

මේ අතර අද පැවැත්වෙන විරෝධතාවය සඳහා විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, සියලු ආගමික නායකයින්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, සෞඛ්‍ය වෘත්තීය සමිති, ගුරු විදුහල්පති සංගම්, ගොවි සංගම්, නීතිවේදීන් මෙන්ම තවත් සිවිල් සංවිධාන රැසක්ම උපරිම සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අරගලයට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූපය – බදුල්ල සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment