රටවල් 100කට අධික ප‍්‍රමාණයක ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants, අයිඩියල් ෆස්ට් වොයිස් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

115

(වමේ සිට) අයිඩියල් ෆස්ට් චොයිස් හි Gulf Lubricants ව්‍යාපාර ප‍්‍රධානී සංජීව කස්තුරිරත්න, අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධනුෂ්ක වල්පොල, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් මෝටර්ස්, අයිඩියල් ෆස්ට් චොයිස් අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න, Gulf Lubricants India හි ව්‍යාපාර ප‍්‍රධානී (Cluster Market) ගගන් මාතූර්, ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපින් ඕරි යන මහත්වරුන් Gulf Lubricants මෙරටට හඳුන්වාදීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය – තුෂාර අතපත්තු

මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

ලොව පුරා රටවල් 100කට අධික ප‍්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ‍්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම පත්කර ඇති අතර Gulf Lubricants සන්නාමය මෙරටට හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකෙරිණි.

Gulf Lubricants යනු ඩුබායි කේන්ද්‍ර කරගත් ලිහිසි තෙල් නිෂ්පාදන ව්‍යාපාරයක් වන අතර මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික ප‍්‍රමාණයක පිළිගැනීමට පත්ව ඇති ලිහිසි තෙල් සන්නාමයකි. සියලූ‍ම රථවාහන, කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් Gulf Lubricants විසින් නිෂ්පාදනය කර බෙදා හරිනු ලබයි. Gulf Lubricants යනු පරිසර හිතකාමී, වායු දූෂණය අවම කරන ලිහිසි තෙල් සන්නාමයක් වේ.

ආසියාව පුරා බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත්ව ඇති Gulf Lubricants හී මෙහෙයුම් කටයුතු Gulf Lubricants India සමාගම මගින් සිදුකරනු ලබයි. Gulf Lubricants India සමාගම යනු, ඉන්දියාවේ ප‍්‍රමුඛතම සමාගම් දහයෙන් එකක් වන Hinduja ව්‍යාපාර සමූහයේ එක් ව්‍යාපාරික අංශයකි. විශේෂයෙන්ම Gulf Lubricants පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය ඇතුළු සාක් කලාපීය රටවල බෙහෙවින් පිළිගැනීමට ලක්ව වී ඇති ලිහිසිතෙල් සන්නාමයක් වේ. එමෙන්ම Gulf Lubricants සමාගම ලොව ප‍්‍රමුඛතම පාපන්දු කණ්ඩායමක් වන එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඞ්, ලෝකප‍්‍රකට මෝටර් රථ කණ්ඩායමක් වන Maclarance කණ්ඩායමට අනුග‍්‍රහය ලබාදෙනු ලබයි. එමෙන්ම Gulf Lubricants India සමාගමේ සන්නාම තානාපති ලෙස ලෝකප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කරයි. එමෙන්ම ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නයි සුපර් කණ්ඩායමට අනුග‍්‍රහකත්වය දක්වන්නේද Gulf Lubricants India සමාගම විසිනි.

මෙරට රට වාහන ක්ෂේත‍්‍රයේ සුඛෝපභෝගී වාහන සඳහා ප‍්‍රමුඛතම සේවාවන් ලබා දෙන සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම හැඳින්විය හැකිය. අයිඩියල් ෆස්ට් චොයිස් වාහන සේවා සැපයීමට අමතරව, ඊදිජය ඞීසල් සේවා මධ්‍යස්ථානයක්, වාහන තීන්ත ආලේපන සඳහා භාවිතා කරන ලොව ප‍්‍රමුඛතම සන්නාමයක් වන ඇක්සොනොබෙල් හා යතුරු පැදි අමතර කොටස් අලෙවි ජාලයකින්ද සමන්විත වේ. අයිඩියල් ෆස්ට් චොයිස් වෙත එක්වූ නවතම සන්නාමය ලෙස Gulf Lubricants සන්නාමය හැඳින්විය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් Gulf Lubricants India සමාගමේ ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී ගගන් මාතූර් මහතා, Gulf Lubricants නැවත ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීම සම්බන්ධව ඉතාමත් සතුටට පත්වෙනවා. අප අත්වැල් බැඳගත්තේ අයිඩියල් සමූහය සමගයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන නලීන් වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ Gulf Lubricants ඉතා උච්ඡුතම ස්ථානයකට ඔසවා තබන බවට අපට ඉතාම විශ්වාස යැයි කියා සිටියේය. මේ පිළිබඳව අදහස් දක්වමින් අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා මෙසේ පැවසීය. ලෝකයේ රටවල් රැසකම පිළිගැනීමට පත්ව ඇති Gulf Lubricants හි ශ‍්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම පත්කිරීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. ඇමරිකානු තත්ත්ව සහතිකයන්ට අනුගතව (american petroleum institute) නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන Gulf lubricants අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම හා එක් වීමෙන් මෙරට පාරිභෝගිකයන් හට සුවිශේෂී ලිහිසි තෙල් සන්නාමයක් ලබාදීමට හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා. 2008 වසරේදී එවකට පැවති රජය ලිහිසි තෙල් හඳුන්වාදීම සඳහා පුද්ගලික අංශයටත් අවස්ථාව ලබාදීමෙන් පසු ශ‍්‍රී ලංකාවට විවිධ සන්නාමයන්ගෙන් යුත් ලිහිසි තෙල් වර්ග හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම 2010 වසරෙන් පසු මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ විශාල පිබිදීමක් ඇති වූ අතර හයිබි‍්‍රඞ් වාහන සඳහාද පාරිභෝගිකයන් විශාල වශයෙන් ආකර්ශනය වීම දක්නට ලැබුණා. මේ හේතුව නිසාම ලිහිසි තෙල් සඳහා තිබූ අවශ්‍යතාව ඉහළ යෑම දක්නට ලැබුණු අතර ඒ අනුව තත්ත්වයෙන් උසස් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා දිය හැකි Gulf Lubricants අප හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා.

advertistmentadvertistment