රටේම ලයිට් කපන අල්ල පනල්ලේ මාවුස්සාකැලේ හිස්කර නළ හදයි – මෙගොවොට් 70ක් අපරාදේ

476

රට තුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබියදී මාවුස්සාකැලේ ජලාශයේ සොරාව්ව දින පහක් තිස්සේ විවෘත කර භූගත නළ පද්ධතිය අලූත්වැඩියා කිරීම නිසා කැනියොන් බලාගාරයෙන් නිපදවූ තවත් මෙගොවොට් 70ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී තිබේ.

මේ මොහොතේ එය කඩිනමින් අලූත්වැඩියා කිරීමකට ලක්කළේ එසේ නොකළහොත් විශාල විනාශයක් සිදුවිය හැකි නිසා යැයි විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පිහිටා තිබෙන කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට දැඩි වියළි කාලගුණයක් බලපා තිබෙන අතර ජලාශවල ජල මට්ටම ශීඝ‍්‍රයෙන් පහළ යමින් තිබෙන බව විදුලිබල මණ්ඩලය කියා සිටී. ඞීසල්, නැප්තා හා දැවි තෙල් නොමැති නිසා තාප විදුලි

බලාගාර කිහිපයක්ම ඉතාමත් අසීරුතා මත විදුලිය උත්පාදනය කරන මොහොතක මාවුස්සාකැලේ සොරොව්ව විවෘත කර භූගත නළ පද්ධතිය අලූත්වැඩියා කිරීම ගැටලූ සහගත යැයි ඇතැම් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කියා සිටිති.

මාවුස්සාකැලේ ජලාශයෙන් පිටවන ජලය කැනියොන් ජලාශයට එකතුවී ඊට පහළින් පිහිටි ලක්‍ෂපාන නව ලක්‍ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනයට යොදාගන්නා බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු කියා සිටිති.

ශිරාන් රණසිංහ – නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment