රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

130

ලබන අඟහරුවාදා (07දා) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඊයේ (01 දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු රැස්වීමේදී මේ බැව් දැනුම් දී ඇත.

මෙම ප්‍රකාශයෙන් පසු එදින සිට බ්‍රහස්පතින්දා (09දා) දක්වා දින තුනක් රටේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව විවාදයක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

10 වැනිදා අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනය ගැන සංවේග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.


advertistmentadvertistment