රටේ ම කුඹුරු සිතියමකට කාටවත් සල්ලි දෙන්න එපා – ගොවිජන දෙපාර්තමේන්තුව

145

මේ දිනවල රටපුරා ඇති කුඹුරු ඉඩම් සිතියම් ගත කිරීම ආරම්භ කර ඇති අතර එම කටයුතු සිදුවන්නේ නොමිලයේ බැවින් කිසිවෙකුට හෝ මුදල් ලබා නොදෙන ලෙස ගොවිජන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම දෙපාර්තමේන්තුව මෙසේ ද නිවේදනය කරයි.

දැනට අප රටේ කුඹුරු ඉඩම් කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න සහ කුඹුරු ඉඩම්වල සත්‍ය ප්‍රමාණය මැනීම සඳහා GEO Goviya යෙදවුම ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරීම කරනු ලබයි.

මෙම කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන අතර, අදාළ කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ගොවීන්ගෙන් මුදල් අයකරන බවට වාර්තාවී ඇත. ආසන්න සිදුවීම වශයෙන් පොල්පිතිගම, රඹේ ප්‍රදේශයේ ගොවීන් ගෙන් මේ සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

කුඹුරු සිතියම්ගත කිරීම සඳහා ගොවීන්ගෙන් යම් පුද්ගලයකු හෝ නිලධාරියකු මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් වහාම දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment