රටේ හෙට දවස ඉතා බියකරුයි – සජබ මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි

72

විදේශ රටවලට ගෙවන්න තියෙන ණය මුදල් ටික ගෙවා ගන්න බැරි තත්වයට රට පත් වෙලා. රටේ අනාගතය බිහිසුණුයි. හෙට දවසේ මේ රටේ ජනතාවට කන්න ටික ලැබෙයිද අඳින්න ටික ලැබෙයිද දන්නේ නැතැයි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (23දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද පවසා තිබිණි.

අද වන විට රට ඉතාමත් බියකරු දෙසට ගමන් කරනවා. ඒ දිසාව තුළ කතා කරන්න බොහෝ කරුණු රැුසක් තිබෙනවා. විශේෂයෙන්ම රටේ වර්තමානයේ තිබෙන ආර්ථිකයත් එක්ක තැලිච්ච ක‍්‍රියාකාරකම් ගැන කතා කළ යුතුයි. අද ආර්ථිකයත් එක්ක බැඳිච්ච ක‍්‍රියාකාරකම් අරන් බැලූ‍වම මේ රටට ඩොලර් නැහැ. රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ඒ සමානවම විදේශ රටවලට ගෙවන්න තියෙන ණය මුදල් ටික ගෙවා ගන්න බැරි තත්වයට රට පත් වෙලා. හෙට දවසේ මේ රටේ ජනතාවට කන්න ටික ලැබෙයිද අඳින්න ටික ලැබෙයිද සෞඛ්‍ය පහසුකම් ලෙඩට බෙහෙත් ටික ගන්න අවස්ථාව ලැබෙයි ද බෙහෙත් ටික ෆාමසියේ තියෙයිද ඒවා ගන්න මුදල් අතේ තියෙයිද ගමන් බිමන් යන්න රටේ තෙල් ටික තියේද නැද්ද ඒ සමානවම ගෙදර නිදහසේ ජීවත් වෙන්න හැකියාව තිබෙනවාද නැද්ද ළමයාගේ අධ්‍යාපනය හරි විදියට පාසල් තුළ ක‍්‍රියාත්මකද නැද්ද විශාල ප‍්‍රශ්න ගොඩකට අවුල් ජාලාවකට රටේ සමස්ත ජනතාව පත්වෙලා. මේ ආණ්ඩුව ඉතාමත්ම අරාජිත ආණ්ඩුවක්. රටේ සමස්ත ජනතාවම පරාජය කරමින් රටේ සියලූ‍ ජනතාවගේ කර උඩ නැගලා තමුන්ගේ බඩ ගෝස්තරවාදී දේශපාලනය කරන කණ්ඩායමක් ඉන්න ආණ්ඩුවක් තමයි අද රටේ තියෙන්නේ.

එදා සුද්දා වෙල්ලස්ස කැරැුල්ලෙන් මේ රට විනාශ කරා ගෙනගියා හා සමානවම රාජපක්ෂලා රටේ සමස්ත ජනතාවගේ අනාගතය සම්පූර්ණයෙන් විනාශ කරා ගෙන යනවා. එවැනි වැඩ පිළිවෙලක් තමයි පොහොර ප‍්‍රශ්නය. සම්පූර්ණ පට්ටපල් බොරු වැඩපිළිවෙළක්. රටේ ජනතාවට මවාපාලා පොහොර මාෆියාවක් රටේ ඇති කරලා.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment