* ජුලි 5 දා තෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ 48 ක්
* නිවසින් පිටවිය හැක්කේ දෙදෙනකුටයි
* සාද, චාරිකා බෑ මංගල උත්සවත් බෑ
* පළාත් අතර සංචරණ සීමා දිගටම
* බස්නාහිරට දැඩි සීමා
* පොදු ප‍්‍රවාහන සේවා නැහැ
* පදික වෙළෙඳාම තහනම්
උපාලි ද සේරම්
අද (21දා) සිට දිවයින පුරා සංචරණ සීමා ලිහිල් වූවද එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවිය හැක්කේ උපරිම දෙදෙනකුට බව ජූලි මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ 48 ක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඊයේ සවස නිකුත් කළ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බස්නාහිර පළාතේ පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා සේවක ප‍්‍රවාහනය සඳහා පමණි.
සෙසු පළාත්වල එම කාලසීමාව තුළ ආසන ධාරිතාවෙන් හරි අඩක සීමාවක් යටතේ මගීන් ප‍්‍රවාහනය කළ හැකිය.
පෞද්ගලික වාහන, කුළී රථ සහ ටැක්සි රථවල ගමන් කළ හැක්කේ උපරිම දෙදෙනකු පමණි.
බස්නාහිර පළාතේ පිහිටි ආයතනවල රැුස්වීම්, වැඩමුළු, සම්මන්ත‍්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා අවසර නැති අතර සෙසු පළාත්හි අත්‍යවශ්‍ය නම් ආයතන රැුස්වීම් 10 දෙනකු සහභාගි කරගෙන පැවැත්විය හැකිය.
වැඩමුළු, සම්මන්ත‍්‍රණ සහ සන්නාම දියත් කිරීම සෙසු පළාත්හි 25 දෙනකුට සීමාකරගෙන පැවැත්විය හැකිය.
බස්නාහිර පළාතේ පදික වෙළෙඳුන්ට ජූලි 05 වැනිදා තෙක් වෙළෙඳාම් කටයුතු සඳහා අවසර නැති අතර සෙසු පළාත්හි ලියාපදිංචි වෙළෙඳුන් සඳහා ඊට අවසර ඇත.
ඊට අමතරව බස්නාහිර පළාතේ සාප්පු සංකීර්ණ සහ නිමි ඇඳුම් විකිණීමේ වෙළෙඳසල්ද ජූලි 05 වැනිදා තෙක් විවෘත කිරීමට අවසර නැත.
සෙසු පළාත්හි සාප්පු සංකීර්ණ විවෘත කළ හැකි අතර පුද්ගල රැුස්වීම්, ආශ්වාදජනක වැඩසටහන් තහනම්ය.
නිමි ඇඳුම් විකිණීමේ වෙළෙඳසල් සෙසු පළාත්හි විවෘත කළ හැකි අතර ඇතුළුකළ හැකි පාරිභෝගික ධාරිතාව සියයට 25 ක් පමණි.
අත්‍යවශ්‍ය සේවා, රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන සේවා අවශ්‍යතාව මත සේවකයන් කැඳවිය යුතුය. සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට උනන්දු කළ යුතුය.
ඇඟලූම් සහ අනෙකුත් කර්මාන්ත විශේෂිත ජෛව ආරක්‍ෂිත බුබුලක් ලෙස කි‍්‍රයාත්මක විය යුතුය.
බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදිය විවෘත අතර ඕනෑම වෙලාවක මුළු ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 10 කට නොඉක්මවිය යුතුය.
සිල්ලර වෙළෙඳසල්, බේකරි, බේකරි සේවා මැහුම්කරුවන් සහ මැහුම් සාදන්නන්, සන්නිවේදන, ඡුායාපිටපත් සාප්පු, ඇඳුම් රෙදිපිළි සාප්පු සහ වෙනත් සිල්ලර සේවා ආයතන විවෘත කළ හැකි අතර උපරිම පාරිභෝගිකයන් ගණන වරකට 03 දෙනකු පමණක් ඇතුළත් කරගත යුතුය.
පිටතට ආහාර රැුගෙන යන අවන්හල් අන්තර්ජාල හරහා ලබාගන්නා ඇණවුම් සහ බෙදාහැරීම සඳහා පමණක් විවෘත කළ හැකිය.
ආහාර අනුභව කිරීම සඳහා ඇති අවන්හල් විවෘත කළ නොහැකිය.
සුපිරි වෙළෙඳසල් විවෘත කළ හැකි අතර වරකට ඇතුළත් කළ හැකි පාරිභෝගිකයන් පිරිස වෙළෙඳසලේ කාමර ධාරිතාවයෙන් සියයට 25 කි.
බාබර් සහ රූපලාවන්‍යාගාර විවෘත අතර වරකට එක් අයකු පමණක් සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීමට අවසර ලැබේ.
වැඩිහිටි ළමා නිවාස හා බන්ධනාගාර සඳහා අමුත්තන් පැමිණීම තහනම්ය.
මංගල උත්සව, පූජනීය ස්ථාන, පුස්තකාල, සිනමාහල්, කෞතුකාගාර, සැණකෙළි, සංගීත ප‍්‍රසංග, සම්භාෂණ, පබ් සහ බාර්, කැසිනෝ, රාත‍්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පා, හෝටල් සහ විවේකාගාර විවෘත කළ නොහැකිය.
අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වන විභාග හැර සෙසු විභාග පැවැත්වීමට අවසර නැත.
ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ථ ක‍්‍රීඩාගාර, පිහිනුම් තටාක වසා ඇති අතර ඇවිදීමේ මංතීරුවල තනිව ඇවිදිය හැකිය. ක‍්‍රීඩා පුහුණුවීම් තනිව කළ හැකිය.
කොවිඞ් 19 ආසාදිත නොවූ මෘත දේහ සඳහා අවමංගල්‍ය කටයුතු පැය 24 ක් තුළ සිදුකළ යුතු අතර සහභාගි විය හැක්කේ පුද්ගලයන් 15 ක් පමණි.