රට නොබෙදා බලය බෙදමි – ජාතික නිදහස් දින ජනපති ජාතිය අමතමින් කියයි

99

මේ නරා වළෙන් ගොඩඑන්න අපට තියෙන්නේ එකම එක ඉනිමගයි.
අර්බුදය ජය ගන්න නම්, අපි පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි.

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් සිදුකරන නමුත් රට බෙදන්නට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළේය.

රට නොබෙදා බලය බෙදමි - ජාතික නිදහස් දින ජනපති ජාතිය අමතමින් කියයි

උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටලු ගැන කඩිනම් පියවර ගැනීමට කමිටුවක් පත්කර ඇති බවත් එහිදී ගන්නා සියලු තීරණ ක්‍රියාත්මක කරන දින වකවානු සියලු දේශපාලන පක්‍ෂ වෙත ලබාදෙන බවත් පැවසූ ජනාධිපතිවරයා ඉඩම් යළි මුදාහැරීම සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදෙන බවද කීවේය.

රට නොබෙදා බලය බෙදමි - ජාතික නිදහස් දින ජනපති ජාතිය අමතමින් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසයී.

‘මේ අර්බුදය ජය ගන්න නම්, අපි පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අපි එක මවගේ දරුවන් සේ එකමුතුව මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන් දායක විය යුතුයි. සියලු භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා ඉදිරියට යා යුතුයි.

ඒ ඔස්සේ ශක්තිමත් නව ආර්ථිකයක් නිර්මාණය කර ගත යුතුයි. ඒ සඳහා මූලික පියවර හා පදනම දැන් සකස් කර අවසන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අප සාර්ථකව අවසන් කර ගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබාගැනීමට අපි අපේක්‍ෂා කරනවා.

සමහර දේශපාලන පක්‍ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපට ගොඩඑන්න බැහැ. මේ අර්බුදය ජයගෙන සැබෑ ආර්ථික හා සමාජයීය නිදහසක් ලබා ගන්න නම් අපට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරා වළෙන් ගොඩඑන්න අපට තියෙන්නේ එකම එක ඉනිමගයි. මතක තියාගන්න, දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉනිමග ඇදලා පැත්තකට දැම්මොත් අපට රටක් නෑ අපට හෙටක් නෑ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment