රට පාලනය කරන හැටි බුදු දහමෙන් උගනිමු…

244

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ යහපත් රාජ්‍ය පාලනයකට මෙන්ම යහපත් රාජ්‍ය පාලකයකුට කරනු ලබන මඟපෙන්වීම් රැසකි. එම මඟ පෙන්වීම් ආගමික මුහුණුවරකින්, ලෝකෝත්තර අභිවෘද්ධියට සීමා වන්නක් ද නොවේ. එමගින් ලෞකික ජීවිතය තුළ සමාජය යහපත් මාර්ගයකට ප‍්‍රවිශ්ට කිරීමේ මඟ පෙන්වා දී ඇත.

එවන් මගපෙන්වීම් තුළ අපට දක්නට ලැබෙන ප‍්‍රධාන සාධකයක් වන්නේ රාජ්‍ය පාලනය සහ පාලකයා සදාචාර සම්පන්නව කටයුතු කිරීමට ඇවැසි පරිවර්තනය සිදු කිරීමයි. රාජ්‍ය පාලනයක සහ පාලකයකු සතු ප‍්‍රධාන වගකීමක් වන්නේ තම පාලනයට යටත්ව හා සියලූ වැසියන්ට රාජ්‍යයේ ආරක්ෂාව සැලසීමයි. පටු වාද හේතුවලින් තොරව සෑම අයෙකුට ම අනන්‍ය වූ ගෞරවය හිමිකම් ලබා දීමයි.

දීඝ නිකායේ චක‍්‍රවර්ති සීහනාද සූත‍්‍රයේ එන;

”….ධම්මිකං රක්ඛවරනා ගුතතිං සංවිදහස්සු අනේකාජන සමිං” (අන්තොජනයා කෙරෙහි ධාර්මික වූ රක්ෂාවරණ ගුප්තිය සංවිධානය කරව) යන පාඨයෙන් පැහැදිලි වන්නේ එයයි.

චක‍්‍රවර්ති සීහනාද සූත‍්‍රයේ එන මෙම රැකවරණය සමාන ස්වරූපයෙන්, සමාජය තුළ ක‍්‍රියාවට නැංවීම ඉතාමත් සවිස්තරාත්මක විග‍්‍රහ කොට දක්වා තිබෙනුයේ පහත සඳහන් ආකාරයටයි.

”ධම්ම සෙව නිස්සාය – පෙ-

බලකායසමිං ධම්ම සෙව නිස්සාය ඛන්තිසෙසු අනසුතේසු

ධම්මසේව නිස්සාය -පෙ-බ‍්‍රහ්මණ ගහපතිතෙසු

ධම්ම සෙව නිස්සාය -පෙ- තෙගමජානපදෙසු

ධම්ම සෙව නිස්සාය සමන බ‍්‍රහ්මණෙසු

ධම්ම සෙව නිස්සාය -පෙ-මීගපකඛිසු

මාව තෙ තාන විජිතෙ අධම්මකාරෝ පවත්තිත්ථ

යෙව තේ තාත විජිතේ අදනා අසසු

තෙසඤ්ච ධන මනුෂ්‍ය දෙයපාසි”

මෙම පාඨ සමූහය බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ මාලාවේ පරිවර්තනය කොට ඇත්තේ පහත සඳහන් අන්දමටයි.

ධර්මයම ඇසුරුකොට… බලසෙන් කෙරෙහි ධාර්මික වූ රක්ෂා වරණ ගුප්තිය සංවිධානය සංවිධානය කරව.

ධර්මය ම ඇසුරු කොට… යටත් වූ අනුයුක්ත ක්ෂත‍්‍රියන් කෙරෙහිද ධාර්මිකවූ රක්ෂණාවරණ ගුප්තිය සංවිධානය කරව.

ධර්මය ම ඇසුරු කොට… බමුණන් කෙරෙහි ද ගැහැනියන් කෙරෙහි ද ධාර්මික වූ රක්ෂාවරණ ගුප්තිය සංවිධානය කරව.

ධර්මයම ඇසුරු කොට නියම්ගම් වැසි ජනයා කෙරෙහි ද ධාර්මික වූ රක්ෂණාවරණ ගුප්තිය සංවිධානය කරව.

ධර්මයම ඇසුරුකොට… මහණුන් කෙරෙහි ද බමුණන් කෙරෙහි ද ධාර්මික වූ රක්ෂණාවරණ ගුප්තිය සංවිධානය කරව.

ධර්මය ඇසුරු කොට… මෘග පක්ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රක්ෂාවරණ ගුප්තිය සංවිධානය කරව.

දරුව, තා රටෙහි යම් කෙනෙක් ධනය නැත්තාහුද ඔවුන්ට ධනය දෙව.

මෙම විග‍්‍රහය අනුව අපට පැහැදිලි වන්නේ ලෝකයේ සියලූ දෙනාටම සමානාත්මතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කමයි. එය මිනිසා, සතා සිවුපාවා ගහ කොළ දක්වා වූ ක‍්‍රියාදාමයකි. රටක පාලනය සහ පාලකයා ධර්මය ම ඇසුරු කොට සිය පාලනය කළ යුතු බව චක‍්‍රවර්ති සීහනාද සූත‍්‍රයේ පෙන්වා දී තිබේ. ඒ තුළ අප දකින්නේ මානව හිමිකම් ලෙස නූතනයේ අර්ථ ගන්වන විග‍්‍රහයන් මනාව පැහැදිලි වන ආකාරයයි.

මෙම මඟපෙන්වීම තුළ රාජ්‍ය පාලකයා සිය රට වැසි ජනතාවට ආර්ථික, සමාජය ආධ්‍යාත්මික රැකවරණය ලබාදීමට කැප වන්නෙක් බව විග‍්‍රහ කොට තිබේ. එවන් පාලකයෙක් සමාජයේ සෑම ස්ථරයකම අවශ්‍යතාවන් පිළිබඳව මනා වැටහීමක් තිබිය යුතු පුද්ගලයෙක් විය යුතුය. එමෙන්ම එවැනි නායකයෙකු සමාජයට, සංවේදී අයකු විය යුතුයි මන්ද සංවේදී නොවන අයෙකුට ජනතා අභිලාෂයන් වටහා ගැනීම අසීරු වන නිසාවෙනි. මා සුරැකිය යුත්තේ සියල්ලන් මිස තෝරා ගත් කොටසක් හෝ කණ්ඩායමක් හෝ වැඩපිළිවෙළක් නොවන බව වටහා ගැනීම වැදගත් වේ. එවන් නායකයකු සතු විය යුතු ගුණාංග පිළිබඳව බුදු දහමේ කෙරෙන මගපෙන්වීම් රැසක් ද විවිධ සූත‍්‍ර පරිශීලනය කරන විට දක්නට ලැබේ. දීඝ නිකායේ කූටදන්ත සූත‍්‍රය සහ අග්ගඤ්ඤ සූත‍්‍රවල රටක පාලකයකු සතු විය යුතු ගුණාංග රාශියක් පෙන්වා දී තිබේ. ධාර්මික වීම, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින්ට සැලකීම, සුචරිතයෙහි නිරතවීම, උගත් බුද්ධිමත් අයෙකු වීම, කාලයට අනුරූපව ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමට හැකිවීම, නිහතමානි වීම වැනි කරුණු රාජ ධර්මයන් ලෙස පෙන්වාදී ඇත. දසරාජ ධර්මයන් දෙස ජාතකට්ඨකථාවේ අසිනි නිපාතයේ මහා හංස ජාතකය සඳහන් වනුයේ,

”දානං සීලං පරිච්චාගං – අජ්ජං මජ්ජං තපං
අක්කෝධෝ අවිහිංසාච – ඛන්තිච අවිරෝධතා”

යනුවෙන් සඳහන් කළ දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය සහ අවිරෝධයයි. එමෙන් ම රටක පාලකයකු තමාගේ චරිතය රැකගත යුතු ආකාරය පිළිබඳව ද චක්කවත්ති සීහනාද සූත‍්‍රයේ දක්වා තිබේ.

”රාජා චක්කවත්ති ඒවමාන – පාරේ න වන හන්තබ්බො
අදින්නං නාද තබ්බං – කාමේසුමිචඡා න චරිතබ්බා
මු සා න භාසිතබ්බා – මජ්ජං න පාතබ්බං යථා යථා භූතතඤ්ච භුඤ්ජථාති”

ධාර්මික පාලකයා පස් පවින් වැලකී පංචශීලය සුරකිමින්, රටක ජනතාවට අනුශාසනා කළ යුතු බවට කියැවේ. ඉහත ගාථාවෙහි සරල සිංහල අර්ථය මෙසේය. යහපත් ධාර්මික පාලකයා

  1. සතුන් නොමැරිය යුතුය
  2. සොරකම් නොකළ යුතුය
  3. කාමය වරදවා නොහැසිරිය යුතුය
  4. මත්පැන් පානය නොකළ යුතුය
  5. මුසාබස් නොබිණිය යුතුය
  6. දැහැමිව නිවරදිව පරිභෝග කර ගෙන ආ දැයි යථා පරිදි

දැහැමි ලෙස පරිභෝග කළ යුතුය.

රාජ්‍ය පාලනය පිළිබඳ වූ මගපෙන්වීම.

මෙහිදී ඉතාම වැදගත් වන්නේ වජ්ජින් අරභයා ඔවුන්ගේ පාලනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ සිදු කොට ඇති විග‍්‍රහයයි. අජාසත් රජු වජ්ජීන් ආක‍්‍රමණය කිරීමට සැරසී, ඒ පිළිබඳ ව මගධයේ මහ ඇමති වූ වස්සක්කාර බමුණා අත බුදුන් වහන්සේට දන්වා යවන ලදී. අජාසත්ත රජු ප‍්‍රකාශ කළේ තමා වජ්ජින් ආක‍්‍රමණය කරන බවත්, බුදුන් වහන්සේට එය ප‍්‍රකාශ කළ විට, උන්වහන්සේ ප‍්‍රකාශ කරන දෑ තමාට පවසන ලෙසත් ය. වස්සක්කාර බමුණා බුදුන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සැපදුක් විමසා අජාසතුන් කී පරිදි වජ්ජීන් ආක‍්‍රමණය කිරීමට සැරසෙන බව පැවසූ විට බුදුන් වහන්සේ තමා අසල සිටි ආනන්ද හිමියන්ගෙන් ප‍්‍රශ්න කීපයක් අසමින් පිළිතුරු ලබා දුන් සේක.

මහා පරිනිර්වාණ සූත‍්‍රයේ වැදගත් කොටසක් ලෙස මෙම තොරතුරු සඳහන් කොට තිබේ. මහා පරිනිර්වාණ ධර්මය නමින් සාහිත්‍යය චක‍්‍රවර්ති බඹරැන්දේ සිරිසීවලී නාහිමියන් කළ ග‍්‍රන්ථයේ එම සංවාදය දැක්වෙන්නේ මෙසේය.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු නිතර එක්(රැස්) වෙත, බහුලව එක් (රැස්) වෙත යන්න ඔබ අසා තිබේද?

ආනන්ද හිමි – ස්වාමීනි වජ්ජීහු නිතර එක්(රැස්) වෙත, බහුලව එක් (රැස්) වෙත යන්න මා අසා තිබේ.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු යම්තාක් කල් නිතර එක් (රැස්) වන්නාහු ද බහුලව එක්(රැස්) වන්නාහුද, ඒ තාක් කල් ඔවුන්ගේ දියුණුවක් මිස පිරිහීමක් ඇති නො වන්නේය.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු සමගි ව එක් වෙත, සමගිව නැගී සිටින, සමගිව (රාජකාරි)කටයුතු කරන බව අසා තිබේද?

ආනන්ද හිමි – ස්වාමීනි වජ්ජීහු සමගිව…. රාජකාරි කටයුතු කරනු යන්න මා අසා තිබේ.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු යම්තාක් කල් සමගිව එක් වන්නාහුද, සමගිව නැගී සිටින්නා හුද, සමගිව (රාජකාරි) කටයුතු කරන්නාහුද ඒතාක් කල් ඔවුන්ගේ දියුණුවක්ම මිස පිරිහීමක් ඇති නොවන්නේය.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු පෙර නොපැනවූ නීති නොපනවන පැනවූ නීති නොසිඳ පැනවූ පැරණි වජ්ජිධර්ම පිළිගෙන ඒවා අනුව පවතින යන්න ඔබ අසා තිබේද?

ආනන්ද හිමි – ස්වාමිනී වජ්ජීහු නොපැනවූ නීති නොපනවන පැනවූ නීති නොසිඳන, පැනවූ පැරණි වජ්ජී ධර්ම පිළිගෙන ඒවා අනුව පවතිත යන්න මා අසා තිබේ.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු යම්තාක් කල් නොපැනවූ නීති නොපනවන්නාහුද, පැනවූ නීති නොසිඳින්නා හුද, පැනවූ පැරණි වජ්ජී ධර්ම පිළිගෙන ඒවා අනුව පවතින්නාහුද, ඒතාක්කල් ඔවුන්ගේ දියුණුවක්ම මිස පිරිහීමක් ඇති නොවන්නේය.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු ඔවුන්ගේ (වජ්ජි) මහල්ලන්ට සත්කාර කරන, ගරු කරන, බුහුමන් කරන, පුදන, ඔවුන්ගේ වචන ඇසිය යුතු බව සිතන යන්න ඔබ අසා තිබේද?

ආනන්ද හිමි – ස්වාමිනි, වජ්ජීහු ඔවුන්ගේ (වජ්ජී) මහල්ලන්ට සත්කාර කරන, ගරු බුහුමන් කරන, පුදන ඔවුන්ගේ වචන ඇසිය යුතු බව සිතන යන්න මා අසා තිබේ.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු යම්තාක් කල් ඔවුන්ගේ (වජ්ජි) මහල්ලන්ට සත්කාර කරන්නාහුස, ගරු කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද ඔවුන්ගේ වචන ඇසිය යුතු බව සිතන්නාහුද, ඒ තාක් කල් ඔවුන්ගේ දියුණුවක්ම මිස පිරිහීමක් ඇති නොවන්නේය.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු විවාහක කුල කාන්තාවන්ට මෙන්ම අවිවාහක කුල කුමරියන්ටත් තර්ජන හා බලහත්කාරකම් නොකර වසත යන්න ඔබ අසා තිබේද?

ආනන්ද හිමි – ස්වාමීනි, වජ්ජීහු විවාහක කුල කාන්තාවනට මෙන්ම අවිවාහක කුල කුමරියන්ටත් තර්ජන හා බලහත්කාරකම් නොකර වසත යන්න මා අසා තිබේ.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු යම්තාක් කල් විවාහක කුල කාන්තාවන්ට මෙන්ම අවිවාහක කුල කුමරියන්ටත් තර්ජන හා බලහත්කාරකම් නොකර වසන්නිහුද ඒ තාක් කල් ඔවුන්ගේ දියුණුවම මිස පිරිහීමක් ඇති නොවන්නේය.

බුදුන් වහන්සේ – ආනන්ද වජ්ජීහු ඔවුන්ගේ නගර ඇතුළත පිටත වජ්ජී චෛත්‍යවලට (අලංකෘත රුක් දෙවොල්වලට) සත්කාර කරන ගරු බුහුමන් කරන, පුදන ඒවාට කලින් දෙන ලද කලින් කරන ලද දැහැමි බිලි පුද නොපිරිහෙලා දෙනු කරනු යන්න ඔබ අසා තිබේද?

ආනන්ද හිමි – ස්වාමීනි, වජ්ජීහු ඔවුන්ගේ නගර ඇතුළත වූත් පිටත වූත් වජ්ජි චෛත්‍යවලට සත්කාර කරන, ගරුකරන, බුහුමන් කරන, පුදන ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද දැහැමි බිලි පුද නොපිරි හෙලා දෙන කරනු යන්න මා අසා තිබේ.

ඒරානන්ද හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment