රට පැන්න පාතාලයන් 164ට වැඩ වරදී

207

මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල අපරාධ ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ විදේශගතව සැඟවී සිටින අපරාධකරුවන් 164 දෙනකු ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාස කීපය තුළදී කෙසේ හෝ මෙම අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කියා සිටියේය.

පොලිසිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව කළ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස මෙරට පාතාලයේ ප්‍රධානීන් බව කියන කංජිපානි ඉම්රාන්, ලොකු පැටී, රොටඹ අමිල ඇතුළු පාතාල සාමාජිකයන් 05දෙනකු බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මේ ආකාරයට ඩුබායි, ප්‍රංශය, ඉන්දියාව, ඉතාලිය, එංගලන්තය ඇතුළු තවත් රටවල් කීපයක සැඟවී සිටින පාතාල අපරාධකරුවන් කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව ද එම නිලධාරියා කීය.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment