රට පුරා විදුලිය බිඳ වැටෙද්දී සටනක් දී ෆයිසර් රැක ගනී

192

ඉකුත් දිනවල හිටිහැටියේ රටපුරා විදුලිය බිද වැටීමත් සමග නාරාහේන්පිට මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබූ ෆයිසර් එන්නත් විශාල තොගයක් බේරාගෙන ඇත්තේ දැඩි පරිශ‍්‍රමයකින් අනතුරුවය.

ඇමරිකාවෙන් ආනයනය කර ගබඩා කර තිබූ මෙම එන්නත් අධික ශීතලක් යටතේ තැන්පත් කර තැබිය යුතු අතර එකවරම විදුලිය බිද වැටීමත් සමග අදාළ ශීතාගාරවල කි‍්‍රයාකාරිත්වය ද ඇනහිට තිබේ.

කෙසේ වෙතත් විකල්ප ක‍්‍රම භාවිත කරමින් තත්ත්වය පාලනය කර ගැනීමට ඒ අවස්ථාවේ අදාළ බලධාරීන් කටයුතු කිරීම නිසා එන්නත් තොගය විනාශ නොවී තබා ගැනීමට හැකිවී ඇත. මෙම එන්නත් තොගය විනාශ වූයේ නම් කොරෝනා වෛරසයට එරෙහි රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ ද බිද වැටෙන බව රජයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදුලිය බිද වැටීම සිදු වූයේ අදාළ එන්නතේ මාත‍්‍රා විශාල තොගයක් මෙරටට රැුගෙන එනු ලැබූ දිනයේදීමය. එම එන්නත් තොගය විනාශ වූයේ නම් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවනවා මෙන්ම මෙරට ජනතාවට තුන්වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාව ලබාදීම අඩාල වන බවද හෙතෙම ස`දහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment