රට බීම කියා බී මියගිය ධීවරයින්

382

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් 06 දෙනෙකු මුහුදේ පා වි ආ බෝතලයක තිබූ විෂ සහිත ද්‍රාවනයක් විදෙස් මත් පැන් යැයි සිතා පානය කිරිමෙන් පසු ගැඹූරු මුහුදේදීම අසාධ්‍ය තත්වයට පත්ව එහි ස්කිපර් වරයා ඇතුළු සිව් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්වට පත්ව ඇතැයි තංගල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
තංගල්ල කුඩාවැල්ල හා අවට පදිංචි කරුවන් වන 42 හැවිරිදි එම්.ජේ.නයනකාන්ත නැමති ස්කිපර් වරයා ඇතුළු 32 හැවිරිදි එම්.ටී.සුජිත්,23 හැවිරිදි පී.ඩී.ජයසූරිය,43 හැවිරිදි ටී.බී.සුජිත් කුමාර,34 හැවිරිදි ආර්.බී.ජී.ප්‍රදීප් නිශාන්ත හා 56 හැවිරිදි ජී.එම්.අජිත් කුමාර යන ධීවරයින් 06 දෙනා පසුගිය 28 වැනිදා ඩෙවෝන් 05, නම් බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබුණේ තංගල්ල ධීවර වරායෙනි.
එලෙස ධීවර කටයුතු වලට ගිය මෙම ධීවරයින්ට මුහුදේ පා වී ආ ලීටර් 05 බෝතලයක් හමුව ඇති අතර එය විදෙස් මත් පැන් යැයි සිතා මෙම ධීවරයින් එය පානය කර තිබේ.එම බෝතලයේ තිබූ දියරය පානය කර මද වේලාවකට පසු ධීවරයින් හය දෙනා අසනිපව අසාධ්‍ය තත්වයට පත්ව ඇත. පසුව ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් විසින් මේ පිළිබදව ගොඩ බිම පිහිටි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය වෙත දන්වා තිබේ.පසුව මේ සම්බන්ධයෙන් ධීවර අධ්‍යක්ෂ ජනරාල් වරයා හා නාවික හමුදාව එක්ව මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලීම් සිදුකර වෙනත් ධීවර යාත්‍රාවක්ද එම ස්ථානයට යවා තොරතුරු ලබා ගැනීමෙන් පසු පිරිස මුදා ගැනීම සදහා නාවික හමුදාවේ විජයභාහු නෞකාවද වෛද්‍ය මණ්ඩලයක් සමග පිටත් කර යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment