රට යන්න ගිය රන්ජන් හරවා එවයි

244

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගි වීම සඳහා විදේශගත වීමට පෙරේදා (27 දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඔහුට එරෙහිව විභාගවන නඩු දෙකකටම අදාළව ගුවන් ගමන් තහනම් කිරීම් අධිකරණ මගින් පනවා, ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබීම නිසා මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.

එදින රාත්‍රී 08.15 ට කටාර් ගුවන් ගුවන් සේවයේ කිව්. ආර්. – 655 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

රන්ජන් රාමනායක මහතා පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment